×

සෙරීනා විනිසුරුට බැන වදිද්දී ඔසාකා ඇමරිකානු ටෙනිස් ශූරතාව දිනා ගනී.

‘‘ඔබ බොරුකාරයෙක්, සොරෙක් මින් පසු කවදාවත් මා ක්‍රීඩා කරන ක්‍රීඩාංගනයක නොසිටිය යතුයි ලෙස ඈ විනිසුරු Carlos Ramos හට බැණ වැදී ඇත‍.


2018 ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවේ ජය ජපානයේ නයෝමි ඔසාකාට හිමි විය . ඒ ඇය 6-2 , 6-4 ලෙස මෙතෙක් ශූරතාව හිමි කරගෙන සිටි සෙරේනා විලියම් ව පරාජය කිරීමත් සමගයි.

මෙවර ඇමරිකානු ශූරතාව ගැන ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ අවධානය හිමි වූයේ ඔසාකාගේ ජයග්‍රහණයත් සෙරීනා විලියම් ගේ ආවේගශීලී ප්‍රකාශයනුත් යන දෙකම හේතුවෙනි.

සෙරීනා ක්‍රීඩා කරන අතරවාරයේ ඇයට එරෙහි තීරණ කිහිපයක් ප්‍රකාශ වීමත් සමග ඈ විනිසුරුවරයාට චෝදන කරමින් ඔහු වෙත බැණ වැදුණේ ඔහුගේ විනිශ්චය විවේචනයට ලක් කරමිනි.

‘‘ඔබ බොරුකාරයෙක්, සොරෙක් මින් පසු කවදාවත් මා ක්‍රීඩා කරන ක්‍රීඩාංගනයක නොසිටිය යතුයි ලෙස ඈ විනිසුරු Carlos Ramos හට බැණ වැදී ඇත‍.

36 හැවිරිදි විනිසුරුවරයා ට ඇය තව දුරටත් තර්ජනය කර ඇත්තේ ඔහු ‘පිරිමියෙකු නොව ගැහැනියක මෙන් හැසිරුණා‘ යැයි චෝදනා කරමිනි.

සිය ටෙනිස් පිත්තද කේන්තියෙන් බිඳ දැමූ ඇය තෙවතාවක් තරඟ රීති උල්ලංඝනය කරමින් විනිසුරුට බැණ වැදී තිබේ.

මේ සමග තරඟය පැවති ආතර් ඇෂ් ක්‍රීඩාංගනය කළබලකාරී වී ඇත. 20 හැවිරිදි ජයග්‍රාහිකාව ඔසාකා ජපානයේ උපත ලද ජපන් ජාතික මවක සහ ඇමරිකානු ජාතික පියෙකුගේ දියණියයි.

ඇගේ ජයග්‍රහණය වෙනුවෙන් ජපානයේ අගමැති ෂින්සො ඒබේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුවේය. මේ වන විට ජපානයේ හෝකයිඩෝ දූපතේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් මිය ගිය පිරිස 20 කට අධිකය. එවැනි අවස්ථාවක ඔවුන් වෙනුවෙන් ඔසාකා ලැබූ ජයග්‍රහණය ගැන අගමැකි වරයා ඇයට සිය ප්‍රශංසාව පළ කළේය.

ජපානයේ නව වීරවරිය බවට මෙම ජයග්‍රහණයත් සමග ඔසාකා පත්ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි