×

යුධ වියදම් තව වැඩි කරන්නැයි ට්‍රම්ප් නේටෝවට කියයි.

ඔහු නේටෝ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ සෑම රටක්ම ඒ ඒ රටවල දළ ජාතික නිෂ්පාදිතයෙන් 4ක් යුධ වියදම් වෙනුවෙන් වෙන් කළ යුතු බවයි.


උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ NATO සමූළුව මෙවර බෙල්ජියම් හී බ්‍රස්ල්ස් න්‍රවර මේ දිනවල පැවෙත්වේ. සමූවේදී සාමාජික යුරෝපා සහ උතුරරු අත්ලාන්තික් රටවල ආරක්ෂාව සම්බන්ධව තීරන කිහිපක්ම ගෙන ඇත. ඇමරිකානු ංනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර සමුළුවේදී නොටෝ සමිජිකයන් වෙත පවසා ඇත්තේ සෑම රටකම ආරක්ෂක වියදම් හෙවත් යුධ වියදම් වැඩි කළ යුතු බවයි.

ඔහු සාමාජික රටවලින් ඉල්ලා සිටියේ සෑම රටක්ම ඒ ඒ රටවල දළ ජාතික නිෂ්පාදිතයෙන් 4ක් යුධ වියදම් වෙනුවෙනන් වෙන් කළ යුතු බවයි.

දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් පසු, කොමියුනිස්ට් මතධාරීන්ගෙන් යුරෝපා රටවල් ආරක්ෂා කර ගැනීමට ඇමෙරිකාවේ ප‍්‍රධානත්වයෙන්, බිහිවූ ජාත්‍යන්තර සංවිධානය එය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව ලෙසින් නම් කෙරුණි.

අද වනවිට නේටෝ සංවිධානය බරපතළ අර්බුද රැසකට මුහුණ දී සිටී.

ට්‍රම්ප්ගේ ඉල්ලීම තහවුරු කළ කෙසේ වෙතත් නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් කියා සිටියේ, සාමාජික රටවල් ඉදිරියේදී සිය ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට පියවර ගනු ඇති බවයි.

 ජනාධිපති ධූරයට පත් වූ දින සිටම නෝටෝ සංවිධානයේ සාමාජික රටවල් 29 වෙත ට්‍රම්ප් ගේ විවේචනය එල්ල වූයේ ඇමරිකාව විසින් දක්වන දායකත්වය වැඩි බවට කරුණු දක්වමිනි.

ට්‍රම්ප්ගේ මෙම ඉල්ලීම හා නොටෝ සාමාජිකයන්ගේ ඉල්ලීමත් සමග 2024 වන විට කලපයේ ආරක්ෂව වෙනුවෙන් වියදම් වියදම් කරන මුදල මේ වසරට වඩා ඩොලර් බ්ලියන 266කින් වැඩි වන් ඇත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි