×

දිනකට වයින් විදුරුවක් ! සෞඛ්‍යයට හිතකර කථාව බොරුවක් .

මඳ පමණින් හෝ මධ්‍යසාර භාවිතය සෞඛ්‍යයට අහිතකර බව නවතම පර්යේෂණ වලින් හෙළි කරයි.


ලෝකයේ පුද්ගලයින් තුන් දෙනෙක් අතරින් එක් අයෙක් මධ්‍යසාර භාවිත කරයි. ඔබත් ඒ අතරින් එක් අයෙක් නම් මෙතෙක් ඔබ නොදැන සිටි දෙයක් 2016 ගෝලීය ඇල්කෙහොල් පර්භොජනය සහ රෝග අවදානම පිළිබඳ සමීක්ෂණය මඟින් අනාවරණය කර ඇත. ඒ කිසිම වර්ගයක ඇල්කෙහෝල් කුමන ප්‍රමාණයක් හෝ පරිභෝජනය තුළින් ඔබගේ සෞඛ්‍යට කිසිම ප්‍රයෝජනයක් නොමැති බවයි.

2016 වසරේ අවුරුදු 15ත් 49ත් අතර පුද්ගලයින්ගේ අකල් මරණයන්ට සහ රෝග වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මධ්‍යසාර භාවිතයයි.

එම වසරේම සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් අතරේ ලෝකයේ මිලියන 2.8ක මරණ සඳහා හේතු වී ඇත්තේ මධ්‍යසාර භාවිතයයි.

මින් පෙර පර්යේෂණ සහ සමීක්ෂණ බොහෝමයක් දක්වා තිබුණේ වයින් වැනි මධ්‍යසාර භාවිතය මිනිස් සිරුරට යම් තාක් දුරට හිතකර බවයි. නමුත් නවතම පර්යේෂන තුළින් එම නිගමනයන් සාවද්‍ය බව හෙලි කරයි.

නවතම පර්යේෂන පෙන්වා දෙන්නේ එසේ මද වහයෙන් මධ්‍යසාර පානය හදවත් රෝග වලට ඇති අවධානම අඩු කරතත් පිළිකා සහ අනෙකුත් රෝග වැළඳීමට ඇති අවධානම වැඩි කරන බවයි.

මෙම නවතම පර්යේෂනය සිදු කර තිබුණේ මේ වන විට සියලු දත්ත නිරීක්ෂනය මගිනි.

මෙම Global Burden of Disease අධ්‍යයනය පෙන්වා දෙන පරිදි 1990ත් 2016ත් වර්ෂය තුළ ඇල්කොහාල් භාවිතය නිසා සෞකය ට බලපැම් ඇත්වූ රටවල් 195කි. වයස අවරුදු 15ත් 95ත් අතර අමධ්‍යප පුද්ගලය් සහ දිනකට එක් මධ්‍යසාරයක් පානය කරන පුද්ගලයින් සමාන ප්‍රමාණ වලින් යොදා ගනිමින් සිදු කරන ලද සංසන්දනයක් මෙම පර්යේෂනය තුළින් සිදු කර ඇත.

ඔවුන්ට අනුව අමධ්‍යප පුද්ගලයින් 100000 ක් අතරේ 914 දෙනෙක් ඇල්කොහොල් නිසා පළිකා වැනි හටගන්නා රෝගයන්ට ගොදුරු වී සිටි අතර දිනකට එක් මධ්‍යසාරයක් පමණක් භාවිත කරන්නන් අතර රෝග වැළඳීමේ ප්‍රවණතාව වැඩිය. එමගින් තවත් අමතර රෝගීන් සිවු දෙනෙක් බිහිවේ .

දිනකට මධ්‍යසාර දෙකක් පමණක් භාවිත කරන පුද්ගලයන් අතරේ මෙම තත්ත්වය තවත් බරපතල වන අතර එමගින් බිහිවන අමතර රෝගීන් සංඛයාව අමධයප පුද්ගලයින් ට වඩා 63කින් වැඩිය. මේ අතරට දිනකට මධ්‍යසාර 5ක් හෝ වැඩි ප්‍රමා‍නයක් භාවිත කරන්නන් 338 දෙනෙක් එක් වේ.

මෙම පර්යේෂණයට අනුව ලෝකයේ රටවල් අතර වැඩි ජනගහනයක් වාසය කරන චිනය , ඉන්දියාව, සහ රුසියාව මධ්‍යසාර නිසා මිය යන පුද්ගලයින් වැඩි පිඑරිසක් දැකිය හැකි රටවල් වේ. ඒ පළමු දෙවන සහ තෙවන ස්තානයන්ය. සිවු වන ස්ථානයේ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

අඩුම වශයෙන් වයින් වීදුරුවක් හෝ දිනකට පානය කරන පුද්ගලයින් රෝග වලට ගොදුරු වීම පැහැදිලි බව පෙන්වා දෙන මෙම පර්යේෂකයින් පවසන්නේ ලෝකයේ රටවල් මධ්‍යසාර භාවිතය ජනතාවගෙන් ඈත් කිරීමට පියවර නොගනු ඇතත්. ඒ සම්බන්ධව ජනතාවගේ දැනුවත් බව වැඩි කල යුතු බවයි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි