×

උ.කොරියාව වාර්ෂික ඇමරිකානු විරෝධි රැළිය නවතයි.

උතුරු කොරියානුවන්ගේ ඇමරිකානු අධිරාජ්‍ය රැළිය 1950-53 වර්ෂයේ ඇමරිකාව විසින් කොරියානු යුද්ධය ප්‍රකාශයට පත් කිරීම සිහිපත් කරමිනි. පසුගිය වසරේ පවති මෙ රැළිය සඳහා ලක්ෂයකට අදාල පිරිසක් උතුරු කොරියාවේ ප්යොන්ග්යැංග් වෙත රැස් විය.


ඇමරිකානු පාලනයට එරෙහිව උතුරුකොරියාව විසින් වාර්ෂිකව සිදු කරමින් සිටි “anti-US imperialism” ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි වාර්ෂික රැළය මෙම වසරේදී නොපැත්වීමට උතුරු කොරියාව තීරණය කර ඇත. අතීතයේ සිට අඛණ්ඩව පැවති එම රැළිය එසේ නවත්වා දමන්නට හේතුව කුමක්දැයි මේ වන විට බලධාරීන් පවසා නැතත් මෙසේ සිදූ වූ ප්‍රථම අවස්ථාව මෙය බව වාර්ථා වේ.

උතුරු කොරියානුවන්ගේ ඇමරිකානු අධිරාජ්‍ය රැළිය 1950-53 වර්ෂයේ ඇමරිකාව විසින් කොරියානු යුද්ධය ප්‍රකාශයට පත් කිරීම සිහිපත් කරමිනි. පසුගිය වසරේ පවති මෙ රැළිය සඳහා ලක්ෂයකට අදාල පිරිසක් උතුරු කොරියාවේ ප්යොන්ග්යැංග් වෙත රැස් විය.

මෙතෙක් මෙම රැළිය මඟින් සිදු කෙරුණේ ඇමරිකාව සහ ඇමරිකානු අධිරාජ්‍යවාදී ක්‍රියාවන්ට එරෙහිව සටන්පාඨ සහ ප්‍රචාරණය සිදු කිරීමයි.

පසුගිය වසරේ පැවති රැළියේදී ලෝකයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් තුරන් කළ යුතු යැයි අවධාරණය කරන ලදී.

මේ සම්බන්ධව ඇමරිකානු බලධාරීන්ගේ මතය වී ඇත්තේ පසුගිය සමයේ ඇතිවූ ඇමරිකානු උතුරු කොරියානු සම්බන්ධාවන්හී ඇති වූ මිත්‍රශීලී ප්‍රවණතාව උතුරු කොරියාවේ මෙම ක්‍රියාමාර්ගයට හේතුවයි.

මෙතෙක් උතුරු කොරියාව ඇමරිකාවට එරෙහිව ක්‍රියාකරන්නට මූලිකම හේතුව වන්නේ ඇමරිකාව ,දකුණු කොරියාව කෙරෙහි පැවති පක්ෂපාතීත්වය සහ දෙරට අතර පැවති සම්බන්ධතාවයි.

කෙසේ වුවත් උතුරු කොරියානු ඇමරිකානු සම්බන්ධතාව පසුගිය කාලය තුළ වර්ධනය වෙමින් පවතී.

ඒ අනුව උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරීමට සැළසුමක් ඉදිරිපත් කරන බව ඇමරිකාුන රාජ්‍ය ලේකම් මයික් පොම්පේ සදහන් කලේය.

න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරිම ජාත්‍යන්තර සාමයට මූලික අවශ්‍යතාවක් බව පවසන ඇමරිකාව දකුණු කොරියාව සමඟ සැලසුම් කර තිබු ආරක්ෂක අභ්‍යාස නතර කිරිමටත් පියවර ගනු ලැබුවේ උතුරු කොරියාව වෙත දෙන ලද පොරොන්දුවත් පරිදිය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි