×

මිහිපිට පැරණිතම වර්ණය සොයා ගැනේ.

පර්යේෂණයට අනුව පූර්ව රෝස වර්ණකය අවුරුදු බිලියන 1.1 කට වඩා පැරණි වෙයි.


ලෝකයේ පැරණිතම පාට ලා රෝස පාට bright pink බව විද්‍යාඥයින් පිරිසක් විසින් අනාවරණය කර ගෙන ඇත.

බබ්ල්ගම් මෙන්ම කොට්න් කැන්ඩි හෙවත් බොම්බයි මොටයි වල පවතින රෝස පැහැය bright pink ලොකයේ පැරණිතම පැහැය බව පවසන්නේ ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පර්යේෂිකාවක් වන ආචාර්ය නූර් ගුනෙලි ඇතුළු ඕස්ට්‍රේලියානුථ ජපාන සහ ඇමරිකානු පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි.

ඈ විසින් කරන ලද පර්යේෂණයට අනුව පූර්ව රෝස වර්ණකය අවුරුදු බිලියන 1.1 කට වඩා පැරණි වෙයි. බටහිර අප්‍රිකාවේ සහරා කාන්තාරය අශ්‍රිත රාජ්‍යයක් වන මුරුටේනියාවේ පර්වත වල මෙම වර්ණය හඳුනා ගත හැකි බව ඇය පවසයි.

මෙම වර්ණය ඊට වඩා මඳක් පැරණි වර්ණයට වඩා වසර මිලියන 500කට පෙර පැවති එකකි. ඒ ඉපැරණි සාගර කොටස් තුළ දැකිය හැකි වර්ණයන්ය .

අතීතයේ ජෛවය ඓතිහාසික ජීවය විසින් සිදු කළ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේදී නිපද වූ හරිතප්‍රද වල පොසිල අනු කොටස් මෙම වර්ණයෙන් යුක්ත වී තිබූ බව මෙම පර්යේෂණය මඟින් පෙන්වා දී ඇත‍

මෙම පර්යේෂණය සඳහා වසර බිලියනයක වඩා පැරණි පාෂාණ කැබලි සියුම් ලෙස කුඩු කර එහි අනුක කොටස් යොදාගෙන ඇත‍.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි