මීට වසර 5300කට පෙර මිය ගිය හිම මිනිසා ඔට්සි Otzi හෙවත් අයිස් මෑන් (Iceman) ගේ මමිය සොයා ගැනීමත් සමග ඔහු ගැන තව තවත් කරුණු අනාවරණය කර ගත් විද්යාඥයේා ඔහු ගේ අවසන් භෝජනය කුමක්දැයි යන්න ද අනාවරණය කරගෙන ඇත.
1991 දී ඔට්සි Otzi ගේ මමිය හමු වූයේ ඉතාලියේ ඇල්ප්ස් කඳුවැටියේ ඝන හිම තට්ටුවකින් වැසී තිබියදීය.
අයිස් මෑන් ගේ සිරුර පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ 41 කගේ කණ්ඩායමක් අතරින් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයකු විසින් ඔහුගේ මමිය තුළ තිබූ ආහාර කොටස් පිළිබඳව පර්යේෂණ අරඹන ලදී.
මෙම පර්යේෂණ වලදී සොයා ගෙන ඇත්තේ ඔහු අවසන් වරට ගත් ආහාරය ඉතා පෝෂණ්‍ය මෙන්ම බර ආහාරයක් බවයි. රතු මුව මස් හා ibex නම් එළු මස්වර්ගය, තීරිඟු ඔහුගේ අහාරය තුළ අඩංගුව තිබී ඇත. එමෙන්ම විෂ සහිත මීවන වර්ගයක්ද ඔහුගේ ආහාරය තුළ තිබූ බව ඔවුන් සොයා ගෙන ඇත. මෙම විෂ සහිත කොළ වර්ගය ඔහු ආහාරයට ගත්තේ ඖධයක් ලෙසද නැත්නම් ආහාර එතීම සඳහා යොදා ගැත්තාද යන්න සැක සහිතය.
ඔහුගේ ආමාෂයෙන් අඩක්ම පිරීතිබී ඇත්තේ මේදය කොටස් වලිනි. ඔහුගේ ආමාෂයේ අඟුරු කොටස්ද තිබී ඇති බවැනි ඔහු මෙම ආහාර ප්රළුස්සා කන්කට ඇතැයි අනුමාන කෙරේ.
ඔහුගේ සිරිරේ මෙතරම් මේද ප්‍රමාණයක් තැන්පත්ව තිබීම පර්යේෂන කණ්ඩායමේ පුදුමයට හේතු වී ඇත. නමුත් ශීත පරිසරයක ඔහුගේ පැවැත්මට එය උපකාරී වන්නට ඇතැයි යන්න ඔවුන්ගේ මතයයි.