×

මැතිවරණය දිනයේදීත් පාකිස්ථානයේ බෝම්බ පිපිරුමක්- 31ක් මිය යයි.

මැතිවරණ කාල සීමාව තුළ පාකිස්ථානය තුළ සිදු වූ බෝම්බ ප්‍රහාර ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 203ක පමණ සංඛ්‍යාවක් ඝාතනය කෙරිණි.


නව අගමැතිවරයෙක් තෝරා ගැනීම සඳහා පාකිස්ථානයේ පැවති මහා මැතිවරණයේ පළමු වටයේ ප්‍රථිපල නිකුත් වීමත් සමග තවත් බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.

මෙම බෝම්බ පිපිරීම නිසා මිය ගිය සංඛ්‍යාව මේ වන විට 31 දෙනෙක් බව වර්තා වෙයි.

පාකිස්ථානයේ ක්වෙට්ටා හී ‍ඡන්ද මධ්‍යස්ථානයේ ඇති වූ මෙ බෝම්බ ප්‍රහාරයේ වගකීම රාජ්‍ය ඉස්ලාම් කල්ලිය විසින් බාරගෙන ඇත.

මූලික වටයේ නිළ නොළත් ඡන්ද ප්‍රතිපලය අනුව පාක්ස්ථානයේ හිටපු ක්‍රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන් ජයග්‍රහණය කර ඇති බව වාර්ථා වීමත් සමග මෙම කලබලකාරී තත්ත්වය උත්සන්න වී ඇත‍.

එරට හිටපු නායක නවාස් ෂේරිෆ් ගේ පක්ෂය වන PML-N මෙම ප්‍රථිපලය පතික්ෂේප කර ඇති අතර මැතිවරණය අසාධාරණ එකක් බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මේ වන විට මැතිවරණ ප්‍රථිපල නිකුත් කිරීමද ප්‍රමාද වෙමින් පවතී .

නිළ නොළත් වාර්ථා අනුව ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ආසන 109ක් ජයග්‍රහණය කර ඇති අතර නවාස් ෂේරිෆ්ගේ පක්ෂය දිනා ඇත්තේ ආසන 67ක් පමණි.

මෙම බෝම්බ ප්‍රහාරයට අමතරව මින් පෙරද මැතිවරණ කාල සීමාව තුළ පාකිස්ථානය තුළ සිදු වූ බෝම්බ ප්‍රහාර ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 203ක පමණ සංඛ්‍යාවක් ඝාතනය කෙරිණි. පාක්සිථානු මැතිවරණ ඉතිහාසයේ වැඩි ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාවක් වාර්ථා වූ මැතිවරණයක් ලෙස මෙවර මැතිවරණය සැළකේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි