×

20 වන සාර්ක් සමුළුව පාකිස්ථානයේදී ද?

පසුගිය 2016 වසරේදී 19 වන සාර්ක් සමුළුව ද පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හීදී පවත්වන්නට නියමිතව තිබුණද එය අවසන් වූයේ සාමාජික රටවල් විසින් සමුළුව වර්ජනය කිරීමෙන්ද අනතුරුවය.


ඉම්රාන් ඛාන් නව ජනපතිවරයා ලෙස තේරි පත්වීමත් සමග ඉන්දියන් සාගරය තු‍ල පාකිස්ථානයේ ක්‍රියාකාරීත්වය කෙලෙස වනු ඇති දැයි යන්න ජාත්‍යන්තර විචාරක අවධානය යෙමු වී ඇත‍.

ඉම්රාන් ඛාන්ගේ රජය යටතේ පාකිස්ථානයේ රාජතන්ත්‍රික සබඳතා නව මඟකට ගැනීම සඳහාත් ඉන්දියන් සාගරය තුළ පාකිස්ථානු ක්‍රියාකාරීත්වය ධනාත්මක කිරීම සඳහාත් නව පියවරයන් ගැනෙනු ඇති බව පාකිස්ථානයේ ඉන්දීය මහකොමසාරිස් අජේ බිසාරියා පවසයි.

පසුගියදා පාකිස්ථානු ජනපති ඉම්රාන් ඛාන් සම පැවති හමුවෙන් පසු ඔහු මේ පිළිබඳව හෙළි කරන ලදී.

එහි ප්‍රථම පියවර වශයෙන් මී ළඟ සාර්ක් සමුළුව සඳහා ද පාකිස්ථාය සිය සත්කාරය දක්වනු ඇති බවටද ඔහු අනාවරණය කරන ලදී.

පසුගිය 2016 වසරේදී 19 වන සාර්ක් සමුළුව ද පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හීදී පවත්වන්නට නියමිතව තිබුණද එය අවසන් වූයේ සාමාජික රටවල් විසින් සමුළුව වර්ජනය කිරීමෙන්ද අනතුරුවය. ඊට හේතුව වූයේ පාකිස්ථානය විසින් එම වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දියානු අයිතිය යටතේ පවතින කාශ්මීරයට අයත් ප්‍රදේශයක් වන ඌරි වෙත ප්‍රහාරයක් එල්ල කිරීමයි. මෙම ඌරි ප්‍රහාරයේදි මරණ රැසක් වාර්ථා වූ අතර එයට විරෝධය දැක්වීම සඳහා ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදි 19 සාර්ක් සමුළුව වර්ජනය කරන ලදී. ඒත් සමග ශ්‍රී ලංකාවද ඇතුළු අකේ රටවල් කිහිපයක්ම විසින් සමුළුව වර්ජනය කළහ.

ඉන්පසු 2017 වසරේදී ද සාර්ක් සමළුව නොපැවැත්වූණ අතර මෙම වර්ෂය සඳහා 20 වන සාර්ක් සමුළුව නැවතත් පාකිස්ථානයේදී පැවැත්වීමට යෝජනා වී ඇත.

20 වන සාර්ක් සමුළුව මෙවර පකිස්ථානයේ පැවැත්වීමට වන මෙම යෝජනාවට සියළු රටවල් එකඟ වුවහෝත් මෙතෙක් ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති දිගු කාලීන දේශ සිමා අර්බුධය යහපත් අතට පත්කිරීමට අවශ්‍ය පියවරයන් ගැනීමට ඉන්දියානු රජයට සහ පකිස්ථානයට මෙහිදී ඉඩ කඩ සැළසෙනු ඇත.

කලාපීය සහයෝගිතාවය සඳහාවන දකුණු ආසියානු සංගමය හෙවත් සාර්ක් සංවිධානය තුළ මෙතෙක් පැවති සමහර උදාසීන තීරණ කොරහි බලපෑ ඉන්දියානු පාකිස්ථාන දේශ සීමා අරබුදයට පිළියමක් සෙවිම සඳහා මීළඟ සාර්ක් සමුළුව තීරණාත්මක විය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි