×

ටොන් මිලියන ගණනින් අපතේ යන මල් ප්‍රතිචක්‍රීකරණයට ඉන්දියාව සැරසේ

දිනපතා විවිධ අයුරින් භාවිත වන මෙම මල් පරිසර දුෂණයේද ප්‍රබල හේතුවක් වී ඇත.


මල් .. ඉන්දියානු ජන ජීවිතයේ අත්‍යවශ්‍යම අංගයකි. සෑම ඉන්දියානුවෙක්ම බෙහෝ විට දිනකට එක මලක් හෝ භාවිතා කරයි. සැරසිළි මෙන්ම පුද පූජාවන්ටද මල් නැතිවම බැරිය. දිනපතා විවිධ අයුරින් භාවිත වන මෙම මල් පරිසර දුෂණයේද ප්‍රබල හේතුවක් වී ඇත. බෙහෝ විට සිදු කරන්නේ පුද පූජාවන්ගෙන් හා භාවිතයෙන් පසු මල් ජලයට බැහැර කිරීමයි. එසේ වීමේදී ජලය අධික ලෙස අපවිත්‍ර වන්නටද පටන් ගනී.

පරිසරයද , ජලයද අධිකව අපිරිසිදු කරන මල් ප්‍රතිචක්‍රීය කරන්නට ක්‍රමයක් ඉන්දියානු ශිෂ්‍යාවක් වන ප්‍රමිලා ශිව ප්‍රසාද් විසින් යෝජනා කර ඇත. ඇය පවසන පරිදි මෙසේ ඉවත ලන මල් වලින් විවිද තෙල් වර්ග සහ පොහොර සැපයිය හැකි බව හා නිෂ්පාදනය කළ හැකි බවයි. එමඟින් දිළිඳු පුද්ගලයන් සඳහා එළවළු වගා කිරීමට අවශ්‍ය පොහෝර සැපයිය හැකි බව ඇගේ යෝජනාවයි.

මෙම මල් ප්‍රතිචක්‍රීයකරණය කිරිමේ වැඩ පිලිවෙළ පුද්ගලික ස්වයංව්‍යාපාර ලෙසද පවත්වාගෙන යා හැකිදැයි යන්න මේ වන විට සොයා බැලේ එමඟන් අවට ආගමික ස්ථාන වලින් බැහැර කරන මල් එකතු කර තෙල් හා පොහොර නිෂ්පාදනය කළ හැකි වෙයි.

ටොන් මිලියන ගණනක මල් ජලයට මුසුවීමේ ප්‍රධානතම හානිය වන්නේ ජලයේ ඇල් ගී වර්ධනය විමයි ජලයේ ඇල් ගී වර්ධනය විම මුහුදු ජීවයේ ඔක්ෂිජන් ප්‍රමාණය අඩු වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි