×

කාන්තාවන් අතපත ගෑ ශ්‍රී ලාංකීය භික්ෂුවකට දඬුවම්!

අපචාරාත්මක හෝ තර්ජනාත්මක විලාසයෙන් කාන්තාවන් ස්පර්ශ කළ ‘රේවත කඹුරාවල‘ නම් 47 හැවිරිදි ශ්‍රී ලාංකීය භික්ෂුවකට ස්කොට්ලන්ත අධිකරණයක් විසින් දඬුවම් නියම කර ඇත.


2015 අප්‍රේල් සහ 2016 මාර්තු අතර කාලයේ Rewatha Kamburawala නම් එම භික්ෂුව විසින් මෙම අපචාරී හැසිරීම් සිදුකර ඇත්තේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් හි පිහිටා තිබෙන Glasgow Mindfulness Centre හිදී යෝගා පන්ති පවත්වන අතරවාරයේ ය.

ග්ලාස්ගොව් ෂෙරීෆ් අධිකරණයේදී මෙයට අදාළ නඩු විභාගය පැවැත්විණි.

මෙහිදී එක් කාන්තාවක් අධිකරණය හමුවේ විස්තර කර සිටියේ එම භික්ෂුව විසින් එම මධ්‍යස්ථානයට යෝග පන්ති සඳහා පැමිණි තමන්ව අපහරණය කළ ආකාරයයි. ඔහුව ස්පර්ශ කරන ලෙසට තමන්ට බල කළ ආකාරයත් එහිදී ඇය විස්තර කළාය.

මේ අතර Maryhill centre හිදී තවත් ශිෂ්‍යාවන් දෙදෙනෙකුට සිදුකළ ලිංගික අභිනයන් දැක්වීම් සහ ඔවුන්ව ස්පර්ශකිරීම් සම්බන්ධයෙන් ද මෙහිදී රේවත කඹුරාවල භික්ෂුව වරදකරු බව තීන්දු විය.

මේ අනුව මෙම වරද සඳහා දඬුවම් වශයෙන් ඉයන් ෆ්ලෙමිං ෂෙරීෆ්වරයා විසින් කොන්දේසි සහිත ප්‍රජා සේවා දඬුවමක් ලබා දී තිබේ. මේ අනුව පැය 200 ක කාලයක් ගෙවීම් රහිතව ප්‍රජා සේවා වැඩවල යෙදෙන ලෙසට රේවත කඹුරාවල භික්ෂුව වෙත නියම කරන ලදී.

(BBC)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි