×

රිය පැදවීමේ අයිතිය දිනා ගත් සෞදි කතුන්ගේ සටන.

පෙරමුණ ගත් කාන්තාවන් තවමත් අත්අඩංගුවේ


සෞදි අරාබියේ කාන්තාවන් සඳහා රිය පැදවීමට අවසරය (right to drive)  අද සිට  ලැබේ. මෙතෙක් කාන්තාවන්ට රිය පැදවීම තහනම් වූ ලොව එකම රට සෞදි අරාබියයි.

එරට කාන්තාවන් හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් කාලයක් තිස්සේ දියත් කළ ධාවනයට අයිතිය (right to drive) සටනේ ජයග්‍රහණය භුක්තිවිඳින්නට මේ වන විට සෞදි අරාබියේ කාන්තාවන් සූදානමින් සිටී.

සෞදි අරාබිය යනු ලෝකයේ කාන්තාවන් මත දැඩි සීමාකිරීම් පැනවූ රටවලින් එකකි. අයිතිය ලාබා දීමෙන් පසුත් මේ වන විටත් ඒ සඳහා මූලික වූ මෙන්ම සටන් කිරීමේ වරදට අඩංගුවට ගත් කාන්තාවන් දඬ්වම් විමින් සිටී.

කාන්තාවන්ට මෙම අයිතිවාසිකම ලබා දුන්නද කාන්තාවන් සඳහා රිය ධාවනය ඉගෙනීමට යන වියදම පිරිමින්ට මෙන් හය ගුණයකින් වැඩි වීම සම්බන්ධවද මේ වන විට කාන්තා අයිතිවාසිකම් සංවිධානවල අවධානය යොමු වී ඇත‍.

ඔවුන්එය හඳුන්වන්නේ කාන්තාවන් රිය ධාවනයෙන් ඈත් කොට තැබීම සඳහා සහ අයිතිවාසිකම් සීමා කිරීමට ගන්නා තවත් උත්සහයක් ලෙසටයි.

කාන්තාවන්ට රිය ධාවනය සඳහා අයිතිය ලබා ගැනීමට මෙතෙක් සිදු කළ සටන් රැසකි. 1990 වසරේදී කින්තාවන් 40 දෙනෙකු සෞදිආරාබියේ අගනුවර රියාද් හී දී අවසරයෙන් සියල්ලන්ට පෙනෙන ලෙස රිය පදවාගෙන යන ලදී.

ඒ තමන්ට පැවති තහනමට විරුද්ධවයි. 2007 වසරේදී වජේහා අල් හයිඩර් නැමැත්තිය විසින් කාන්තාවන්ට රිය ධාවන අයිතිය සම්බන්ධව චිත්‍රපටයක් නිර්මාණය කළ එය අන්තර්ජාලය ප්‍රසිද්ධ කළාය. එහි ඇතුලත් වූයේ ඈ විසින්ම රිය පදවමින් යන ආකාරයයි.

මෙම උත්සහයන් සමග තවත් කාන්තාවන් සිය ගණනක් සිය අයිතිවාසිකම ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටීම ආරම්භ කළෝය.

එහි ප්‍රතිපලයක් ලෙස ද ඔවුන් සිය අයිතිවාසිකම ලබා සිටියද මේ වන විටත් ඒ නිසා අත් අඩංගුවේ පසුවන්නන් සදහා අවශ්‍ය පියවර ගැනිම ගැන සෞදි රජය නිහඬය.

කාන්තා අයිතීන් සඳහා සංවිධාන පවසන්නේ මෙම අයිතිය පමණක් නොව කාන්තාවන්ය එරෙහි පවතින අනෙකුත් සීමාද ලිහිල් කළ යුත් බවයි. කාන්තාවන් සඳහා අධ්‍යාපනයට විදෙස් ගත වීමට ඇති තහනම, සිය භාරකරුගේ අවසරයෙන් තොරව විදෙස් ගතවීමට ඇති තහනම මෙන්ම විදෙස් බලපත්‍රයක් සිය කැමැත්තට ලබා ගැනීමට ඇති තහනම ආදියෙන්ද ඔවුන් නිදහස් කළ යුතු බව මෙම සංවිධාන පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි