×

සිංගප්පූරුවට හැකර් ප්‍රහාරයක්- මිලියන 1.5 කගේ පෞද්ගලික දත්ත සොරකම් කරයි.

එරට රජය අනුමාන කරන්නේ මෙම හැකර් ප්‍රහාරට ඉතා සැළසුම් සහගත ලෙස ඉලක්ක කර ගත් ප්‍රහාරයක් බවයි.


සිංගපූරු ජනගහණයෙන් හතරෙන් එකක එනම් මිලියන 1.5 වූ පිරිසකගේ පෞද්ගලික තොරතුරු හැකරුන් (Hackers ) පිරිසක් විසින් පැහැර ගෙන ඇති බවට එරට බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මෙම හැකර්ස් කණ්ඩායම එරට රජයේ සෞඛ්‍ය අංශයේ දත්ත පද්ධතියට රහසිගතව ඇතුළු වීමෙන් මෙම දත්ත සියල්ල සොරකම් කර ඇත‍

එරට රජය අනුමාන කරන්නේ මෙම හැකර් ප්‍රහාරට ඉතා සැළසුම් සහගත ලෙස ඉලක්ක කර ගත් ප්‍රහාරයක් බවයි.

ඔවුන් විසින් පසුගිය 2015 මැයි මස 1 වන දින සිට මෙම වසරේ ජූලි 4 වනදා දක්වා සායන වලට සහභාගී වූ සියළු රෝගීන්ගේ දත්ත් සොරකම් කර ඇත.

විශේෂයෙන්ම පුද්ගලයන්ගේ නම් සහ ලිපින මූලික වඹයෙන්ම මෙම හැකර්ස් කණ්ඩායම විසින් ඉලක්ක කර ඇති බව සිගපූරු රජය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි