×

FIFA 2018 ලෝක කුසලානය ප්‍රංශයට.

ක්‍රොයේෂියාවේ අත්වැරදීම් ප්‍රංශය ඉදිරියට ගෙන යයි.


ෆිෆා fifa 2018 අවසන් ජයග්‍රහණය ප්‍රංශයට හිමි විය. 1966න් පසු වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් කුසලානයේ හිමිකරුවා ලෙසයි .  ක්‍රොයේෂියාව  පැරදවූ ප්‍රංශය ලකුණු 4-2 ක් ලෙස සිය ජයග්‍රහණය වාර්ථා කළේය.

ඒ 1998 වසරට පසුවයි.

French President Emmanuel Macron reacts during the final match between France and Croatia at the 2018 soccer World Cup in the Luzhniki Stadium in Moscow, Russia, Sunday, July 15, 2018. (Alexei Nikolsky, Sputnik, Kremlin Pool Photo via AP) ORG XMIT: XEL102

රටවල් දෙකම සිය රටේ ජනපති වරුන් ඉදිරියේ අවසරන් මහා තරඟයට පිවිසුනේ තම තමන්ගේ ජය ග්‍රහණ ගැන තම තමන් කෙරෙහි දැඩි විශ්වාසයකිනි. ලෝක කුසලාන තරඟාවලියට පෙර පස් වතාවක් ප්‍රංශය සහ ක්‍රෙයේෂියාව අතර පාපන්දු තරඟ පැවති අතර ඒවායින් එකදු තරඟයක හෝ ජය ක්‍රොයේෂිවට නොලැබී තිබීම නිසාම ප්‍රංශය තමන්ගේ ජයග්‍රහණය ගැන බලාපොරෝත්තු තබා ගත්තේය. අවසන් පූර්ව වටයේදී එංගලන්තයේ සිහින බොඳ කළ කොයේෂියාව මෙතෙක් තරඟාවලියේදී තමන් සහ සටන් කළ සියළු කණ්ඩායම් පැරද වූ ශක්තිය නිසාම ඔවුන්ටද අවසන් ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයක් පැවතුණි.

සැබවින්ම මෙවර අවසන් තරඟය පාපන්දු ඉතිහාසයේ නොසිතූ දෑ සිදු වූ එකක් විය. ප්‍රංශයේ ප්‍රථම ගෝල දෙකම වාර්ථා කළේ ක්‍රොයේෂියාවේ අත්වැරදීම් වලිනි. ක්‍රොයේෂියාවට එකී අත් වැරදීම් නොවුනානම් සැබවින්ම ජයග්‍රහණය ප්‍රංශයට හිමි වීමට තිබූ ඉඩ කඩ අඩුය.

තරඟයේ 18 වන මිනිතුවේදී ප්‍රංශය සිය ප්‍රථම ගෝලය වාර්ථා කළේ. ප්‍රංශ ක්‍රීඩක ඇන්ටොයිනේ ග්‍රීස්මාන් Antoine Griezmann ට ලැබුණ නිදහස් පහරක් හේතුවෙනි (free-kick ). ඔහුගේ පහර ප්‍රංශයට වාසනාව ගෙනාවේ ක්‍රොයේෂියානු ක්‍රීඩක මාරියෝ මණ්ඩ්සුකික් Mandzukic ගේ හිසේ වැදීමත් සමගිනි. සැබවින්ම එසේ නොවන්නට ප්‍රංශය එම ගෝලය වාර්ථා කිරීමේ ඉඩ කඩ අඩුය.

ප්‍රංශයේ දෙවන ලකුණද එසේමය .. එයද ප්‍රංශයේ පහරක් ක්‍රොයේෂියානු ක්‍රීඩකයෙකුගේ අතේ වැදුණ පහරක් බව විනිසුරුගේ තීරණයත් සමගිනි. ඒ සමග ලැබුණ දඬවම් පහරේදී
ඉතාපහසුවෙන් එම ලකුණද ප්‍රංශයට ලැබුණේ ක්‍රොයේෂියාවේ අවාසනාවටය.

ඉන්පසුද තරඟයේ දෙවන භාගය වන විට ප්‍රංශය වෙනුවෙන් මිනිත්තු 6ක් ගෝල දෙකක් වාර්ථා කරන්නට පෝල් පොග්බාPaul Pogba සහ කයිලියාන් ම්බාපේ Kylian Mbappe සමත් විය .

ප්‍රංශයට එරෙහිව ක්‍රොයේෂියාව වාර්ථා කළ ගෝල දෙක පෙරිසික් Perisicහා මණ්ඩ්සුකික් Mandzukic විසිනි. මණ්ඩුසුකික් ගේ එම ගෝලය ලෝක වාරථාවකට හිමිකම් කී ගෝලයක් බවට පත්විය. ක්‍රීඩකයෙක් විසින් තමන්ගේම ගෝලයක් වාර්ථා කළ පළමු අවස්ථාව එය වෙයි. ප්‍රතිවාදී ප්‍රංශ පිලේ ගෝල රකින්නා හුයුගෝ ලෝරිස් ගෙන් ගිලිහුණ පන්දුවකට පහර දීමෙන් ඔහු එම ගෝලය වාර්ථා කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි