×

නවසිලන්තයේ ‘කෘතීම කංසා‘ මරණ ගණන ඉහළට – කංසා නීතිගත කිරීම කඩිනම් වේ

නවසිලන්ත අගමැතිවරිය වන ජසින්ඩා ආර්ඩේන් මේ පිළිබඳව සහයෝගය පාර්ලිමේන්තුව වෙත පල කළේ ඈ අගමැති ධූරයට පැමිණීමත් සමගිනි.


කෘතිම කංසා synthetic cannabis හේතුවෙන් නවසිලන්තයේ මිය යන සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව වාර්තා වේ. පසුගිය මාස 12 ඇතුලත කාලය තුළ කෘතිම කංසා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 45 කි . මින් පෙර මේ හේතුවෙන් වාර්ථා වී තිබුණෙ වසර පහකට මරණ 2 කි.

එරට සෞඛ්‍ය අංශ පවසන්නේ කෘතිම කංසා නිසා හෝ ප්‍රමාණය ඉක්මවා භාවිතය නිසා සිදු වන හදිසි අවස්ථා හේතුවෙන් සතියකට ලැබෙ හදිසි ඇමතුම් 30ක් දක්වා වැඩිවී ඇති බවයි.

නවසිලන්තයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එරට පාරලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරමින් යෝජනා කර ඇත්තේ එරට ඔෂධීය කංසා නීති ගත කළ යුතු බවයි. එවිට මෙම කෘතිම කංසා භාවිතය නිසා සිදු වන ජීවිත හානි අවම වනු ඇති බවද ඒ සඳහා වියදම් අඩු වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

එරට ඖෂධ සංස්ථාවේ ප්‍රධාන විධායක නිළධාරී වරයා පවසසන්නේ මිනිසුන් කෘතිම කංසා cannabis භාවිතය වැළැක්වීමේ අරමුණින් කංසා භාවිතය නීතිගත කිරීම දිගුකාලීන ක්‍රියාමාර්ගයක් වුවද එය එසේ කිරීමෙන් ජනතාව ගලවා ගත හැකි බවයි.

නවසිලන්ත අගමැතිවටරිය වන ජසින්ඩා ආර්ඩේන් මේ පිළිබඳව සහයෝගය පාර්ලිමේන්තුව වෙත පල කළේ ඈ අගමැති ධූරයට පැමිණීමත් සමගිනි. ඇය පොරොන්දු වී තිබුණේ 2020 වසරට පෙර ජනමත විචාරණයක් පවත්වා ජනතා කැමැත්ත අනුව කංසා නීතිගත කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි