උපතින්ම දෙපා අහිමි මායා මෙර්හි ට නොනවතින යුධ ගැටුම් නිසාවෙන් සිරියාවේ සරණාගත කඳවුරක ජීවිතය හිමිවිය…
තම වයසේ සොයුර සොයුරියන් යුද්ධයේ වෙඩි හා බෝම්බ ප්රහාරයන්ට හසු වී ජීවිතය අතහරිද්දී උපතින්ම තමන්ට දෙපා අහිමි වීම ගැන ඈ සුසුම් නොහෙළුවාය. මවුපියන් නොමැතිව සරණාගත කඳවුරේ එහේ මෙහේ දිව යන සොයුරියන් සහ හනි හනි කට දුව පනිනන්ට ඈට අවශ්‍ය විය , කඳවුරේ පාසල වෙත ගොස් ඉගෙනීමට ඇට අවශ්‍ය විය. නමුත් මුළු දවසම කඳවුර තු සිරව සිටිනු විනා අන් කිසිවක් කරන්නට ඈට නොහැකි විය.
ඈ මෙන්ම දෙපා අහිමි රෝදපුටුවේ සිය ජීවිතය ගෙන ගිය ඇගේ පියා ඈ වෙනුවෙන් පිළියම් සෙවුවේය. දවසම එක තැනක නො ඉද එහේ මෙහේ ඇවිද යන්නට ඈට හැකි වූයේ තමන්ට අහිමි දෙපා වෙනුවට ප්ලාස්ටික් කෝප්ප සහ ටින් කැබලිවලින් සිය පියා සකසා දුන් පා යුවලක් භාවිත කරමිනි.
නමුත් එය මායාට තාවකාලික විසඳුමක් පමණක් විය.
එසේ දුව පනින මේ 8 හැවිරිදි දියණිය සරණාගත කඳවුරට පැමිණ සිටි මාධ්‍ය වේදියෙකුගේ කැමරා ඇසට හසුවීමත් සමඟ ඇගේ ජීවිතය වෙනස් වේ යැයි ඈද ඇගේ මවු පියන් ද සිහිනෙනුද නොසිතුහ.
ර් එෆ් පී කැමරාකරුගේ කැමරිවට හසුවූ ඇගේ ඡායාරූපය වැඩි දවසක් යන්නට මත්තෙන් ලෝකය පුරා ඇවිද්දේය..ලෝකයේ නන් දෙසින් ඈ වෙත පරිත්‍යාග ගලා ආවේ ඈට නව දෙපා යුවලක් ලබා දීමටයි. එහි ප්‍රතිපලයක් ලෙස ඈ තුර්කියේ ඉස්තාම්බුල් වෙත ගෙන ආවේය. ඒ ඈට කෘතිම පා යුවලක් ලබා දීම සඳහා කෙරුණ ආරාධනයක් අනුවයි.
“මායා ඇවිදීවි….” ඈව පරීක්ෂා කල වෛද්‍යවරුන් පැවසූහ.
ඉතා දැඩි ලෙස යුද්ධව පැවති අලෙප්පෝ මායා උපන් නගරයයි. සිය 34 හැවිරිදි රෝගී පියාද සමග සරණාගත කඳවුරරේ ඇගේ ජීවිතය හත් අවුරුදදක සිවිල් යුද්ධය විසින් තවත් වෙහෙස කර තිබුණේ දෙපා මෙන්ම ඇගේ මවද යුද්ධය විසින් ඈට අහිමි කර තිබීම හේතුවෙනි.
තුර්කියේදී ඉස්තාම්බුල් වෙත මායා පැමිණියේ ඇගේ පියාද සමගිනි..මේ වන විටත් වෛද්‍ය වරුන්ගේ පරීක්ෂණ හා සැත්කම් ඈ වෙනුවෙන් ක්‍රියාත්මක වේ.. තව දිව කිහිපයකින් ඇගේ ප්‍රතිකාර කටයුතු අවසන් වනු ඇත… සැත්කමින් පසු දෙපා වලින් ඇවිද යන්නට මායා මග බලමින් සිටී.