×

තායි දරුවන් බේරා ගත් වීරයෙක් ට Elon Musk නින්දා කරයි.

ඊයේ ට්විටර් පණිවිඩයක් නික්තු කළ ඇමරිකානු ජාතික එලන් මස්ක් කියා සිටියේ ''වර්න් අන්ස්වර්ත් ලාබාලයෙක් බවයි.''


තායිලන්තයේ තාම් ලුආන්ග් ගුහාවේ සර වී සිටි දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණු කරු බේරා ගත් කිමිදුම් කරු 63 හැවැරිදි බ්‍රිතාන්‍ය ජාතික වර්න්ස් අන්ස්වර්ත් Vern Unsworth  තවත් අලුත් අභියෝගයකට මුහුණ දෙන්නට සිදු වඇත.

ඒ SpaceX හා Tesla ප්‍රධානී එලන් මස්ක් Elon Musk ගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

ඊයේ ට්විටර් පණිවිඩයක් නික්තු කළ ඇමරිකානු ජාතික එලන් මස්ක් කියා සිටියේ

”වර්න් අන්ස්වර්ත් ලාබාලයෙක් බවයි.”

මෙම මෙහෙයුමේදී අවශ්‍ය උපකරණ සහ පහසුකම් පිළිබඳ තීරණ ගනු ලැබුවේ ඔහු විසින්වි විවේචනය කරන මේ විශේඥ දැනුමකින් යුත් වර්න් අන්ස්වර්ත් විසිනි.

මෙහෙයුම අතර තුර ගුහාව තුළට යෑමට අවශ්‍ය මිනි සබ්මැරීනයක් mini-submarine සිය ආයතනය විසින් සැපයීමට සූදානම් බව එලන් මස්ක් විසින් දන්වන ලදී. නමුත් අන්ස්වර්ත්ගේ තීරණය වුණේ එම සබ්මැරීනය මෙවැනි සූක්ෂම මෙහෙයුමකට නොගැලපෙන බවත් ඉන් එය සාර්ථක කර ගත නොහැකි බවත්ය.

භූගත උමං ගවේෂකයෙකු වූ වර්න් අන්ස්වර්ත් හට මස්ක් විසින් සිදු කල මෙම නින්දා සහගත ව්වේචනය පිළිබඳ CNN සේවයට ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙය ස්පේස් එක්ස් ප්‍රධානියා සිය ප්‍රසිද්ධ වීමේ අදහසින් කරන්නට ගිය (PR stunt )නූල් ප්‍රොඩාවක් හෙවත් නූල් සූත්තරයක් බවයි.

එමෙන්ම එම මිනි සබ්මැරීනය වැන්නක් භාවි කිරීම අවධානම් සහගත බවත් එය උමඟ තුළ සිරවීමේ අවධානම වැඩි බවත් ඔහු පැවසීය. වංගු සහ ගොඩැලි සහිත උමග තුළ ක්‍රියාකරවමට නොහැකි දිගකින් එය යුක්ත වූ බවත් ඔහු පැවසීය. ඔහු පවසන්නේ ගුහුව තුළ මාර්ගය කෙසේද යන්න එලන් මස්ක් ට මේ පිළිබඳව කිසිම අවබෝධයත් හෝ හැඟීමක් නොමැති බවයි.

අඩි 5 .6කින් යුත් සබ්මැරීනයක් එලන් මස්ක් විසින් මෙම කටයුතු සඳහා ලබා දීමට සූදානම් විය. වර්න් අන්ස්වර්ත් පවසන්නේ අඩුම තරමේ ගුහාවේ පළමු මීටර් 50 ට හෝ ළගා වීමට මෙම සබ්මැරීනයට නොහැකි බවයි.

එලන් මස්ක් විසින් තම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පිළබඳව වර්න් මස්ක් වෙත ප්‍රසිද්ධියේ සිදු කළ ට්විටර් ප්‍රකාශය ඉන් ඉවත් කරගන්නා ලෙස බෙහෝ සංවිධාන මෙන්ම පුද්ගලයින් විසින් ද ඔහුවෙත බලපෑම් ඒල කරන ලදී.

මරණය හා සටන් කරමින් සිටි තායි දරුවන් බොරා ගැනීම සඳහා කටයුතු කළ වීරයන්ට මෙසේ නින්දා නොකරන ලෙස ඔවුන් මස්කි ට අවධාරණය කර ඇත.

ඉන් පසු සිය ට්විටර් ප්‍රකාශය ඉවත් කර ගැනීමට මස්ක් කටයුතු කරන ලදී.

එලන් මස්ක් සුප්‍රසිද්ධ ටෙස්ලා කාර් රථයේ නිර්මාතෘ මෙන්ම පසු ගිය වසරේ සැප්තැම්බරයේදී ලොව සුපිරි බලයකින් යුත් රොකට් යානය falcon heavy යානය අභ්‍යවකාශ ගත කිරීමට මුල් වූ පුද්ගලයාය‍.

එවැන්නෙකු විසින් පෞද්ගලිකව මෙසේ පුද්ගලයෙකු විවේචනය කිඍිම පිළිබඳව විශාල පිරිසක් විසින් ඔහුව විවේචනයට ලක් කර තිබිණ.

මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බ්‍රිතාන්‍ය ජාතික වර්න් අන්ස්වර්ත් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි