×

දින 7ක් තිස්සේ උමගක සිර වී සිටින 13 දෙනෙකු සොයමින් ඔවුහු තවමත් සටන් කරති.

උතුරු තායිලන්තයේ පාපන්දු කණ්ඩායමක සාමාජිකයින් වූ අවුරුදු 15ත් 16ත් අතර ළමුන් 12 දෙනෙකු භූගත උමගක් තුළ සිරවී අදට හරියටම සතියකි.


ඔවුන් තවමත් ජීවත් වනවාද , ඔවුන්ට කුමක් වූවාද,

සිය පුහුණුවීම් කටයුතු වලින් පසු පුහුණු කරුද සමග උමග වෙත ගියේ විනොදයට මෙන්ම එය නිරීක්ෂණය කර නැවත ඉක්මනින්ම එළියට එන්නටයි.

ලුආන් නන්ග් නොන් නැමති මෙම උමඟ සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රිය එකක් වූ අතර එහි එන පිරිස් උමඟ නිරීක්ෂණය සදහා උමඟේ තරමක් දුරට ගමන් කිරීම සිරිතයි.නමුත් මේ තරුණ ක්‍රීඩකයන්ට එය තව දුරටත්නිරීක්ෂණයට අවශ්‍ය වූ බැවින් ඔවුන් තව තවත් ඇතුළට ගමන් කර ඇත.

එපරිද්දෙන් උමඟතුළට ගිය මේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් ට අද වන තෙක් නැවත එන්නට නොහැකි විය. ඔවුන් එතුළ සිර වුණේ හදිසියේ අතිවූ වර්ෂා තත්ත්වය හේතුවෙන් උමඟ තුළට ජලය ගලන්නට පටන් ගැනීමත් සමගිනි. මෙම ප්‍රදේශයේ වැසි සමය ආරම්භ වන්නට තිබුණේ ඉදිරි මාසයේදීය.

දින හතකට පෙර අතුරු දන් වූ මෙම දරුවන් සොයා හැකි සෑම අයුරකින්ම මෙහෙයුම කටයුතු දියත් කරන්නට තායිලන්ක රජය කටයුතු කරන ලදී.. තවමත් ඒ මෙහෙයුම් කටයුතු සිදු වන්නේය ඔවුන් සියල්ලන්ගේම බලා පොරොත්තුව ඔවුන් නිරුපද්‍රිතව ඇතැයි යන්නයි.

ඔවුන්ගේ දෙමවුපියන් දිවා රෑ උමං දොර ළඟ දෙවියන් යදිමින් සිටින්නේ තම දරුවන් බේර දෙන ලෙසයි. දවස් හතක් තිස්සේ උමඟ තුළ ඔවුන්ගේ ජීවිත කෙලෙසක ගෙවෙනු ඇත්දැයි කියා කිසිවෙකුට කිව නොහැකිය.. දවස් කීපයක් තිස්සේ ඔවුන් සිරවී ඇතැයි සැක කෙරෙන ස්ථානය වෙත ආහාර යැවීමට මාර්ගයක් ඔවුන් සෙවූහ..

තායිලන්ත රජය ඔවුන්ව බේරා ගැනීමට බ්‍රිතාන්‍ය කිමිදුම් කරුවන්ගේද සහය පැතූහ.. එහි ැමිණි ඔවුන්ටද හැකි වූයේ උමගේ සැළකිය යුතු දුරක් යන්නට පමණි නොනවත්වා ඇද වැටෙන වර්ෂාව හේතුවෙන් මොහයුම් කරුවන්ගේ සියළු කටයුතු වලට බාධා පැමිණියේය, ඔවුන් ඒ සඳහා ඩ්‍රොණ,හෙළි කොප්ටර් යානා පමණක් නොව රොබෝවරුද   යොදා ගත්හ නමුත් ප්‍රතිපලය එකමය.

A pair of soccer shoes are left next to bicycles from a group of missing boys at the entrance of a deep cave in Chiang Rai, northern Thailand, Monday, June 25, 2018. Officials say multiple attempts to locate the 12 boys and their soccer coach missing in a flooded cave in northern Thailand for nearly two days have failed, but that they will keep trying. (Thai News Pix via AP)

සීතලේ නිරාහාරව අඳුරේ වුව තවදුරටත්ත ඔවුන්ව නිරුපද්‍රිතව සිටිනු ඇතැයි තවමත් සියල්ලන්ගේම බලාපොරොත්තුවයි. කිසිවෙකුගේ බලා පොරොත්තු නැති වී නැත. දින හතක් වන තුරුම මෙම දරුවන්ගේ දිවි බේරා ගැනීමට සියල්ලන්ම පොර බඳිති. සිය දරුවන් දමා ගොස් තිබුණ ඔවුන්ගේ පාපැදි , සපත්තු ආදිය තුරුලු කර ගනිමින් දෙමවු පියන් උමංග සිය දරුවන් එන තෙක් මේ මෙහොතේද බලා සිටිති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි