×

ලොව ජීවත් වන්නට සුදුසුම නගරය සහ නුසුදුසුම නගරය ”වියානා” සහ ”දමස්කස්”

දේශපාලන ස්ථාවරත්වය, සමාජ ස්තාවරභාවය, අපරාධථ අධ්‍යාපනය, සහ සෞඛ්‍ය යන මූලික කරුණු පදනම් කරගනිමින් වඩාත් සුදුසුම නගරය තෝරා තිබේ.


මෙතෙක් ලෝකයේ ජීවත් වන්නට සුදුසුම නගරය ලෙස නම්දර සිටියේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයයි. නමුත් ද ඉකොනොමිස්ට් බුද්ධි ඒකකය මඟින් පැවත්වන ලද ගෝලීය සමීක්ෂණයක් මඟින් හෙළි කර ඇත්තේ ලොව ජීවත් වන්නට සුදුස්ම නගරය මෙල්බර්න් නොව ඕස්ට්‍රියාවේ වියානාව බවයි.

ලෝකයේ නගර 140ක් මේ සඳහා යෝජනා වී ඇති අතර, දේශපාලන ස්ථාවරත්වය, සමාජ ස්තාවරභාවය, අපරාධථ අධ්‍යාපනය, සහ සෞඛ්‍ය යන මූලික කරුණු පදනම් කරගනිමින් වඩාත් සුදුසුම නගරය තෝරා තිබේ.

ඔවුන්ගේ සමීක්ෂනයට අනුව ලන්ඩනයේ මැන්චෙස්ටර් නගරයද මේ වන විට යුරෝපයේ අනෙකුත් නගර අභිබවා ජීවත් වීමට සුදුසුම නගරයක් ලෙස ඉදිරිවය පැමිණෙමින් සිටින බවයි.

සමීක්ෂණයට අනුව මෙවර මෙල්බර්න් ප්‍රථම ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා පහළට පැමිණ තිබේ. මීට පෙර වසර හතක් තිස්සේ එය ප්‍රථම ස්ථානයේ පසු වු අතර අනෙකුත් ඔස්ට්‍රේලියානු නගර වන සිඩ්නි සහ ඇඩෙලෙය්ඩ් මුල් ස්ථාන 10 අතර වෙයි.

මේ අතර ජීවත් වන්නට නුසුදුසුම නගරය බවට පත්ව ඇත්තේ සිරියාවේ දමස්කස් නගරයයි. බංගලාදේශයේ ඩකා සහා නයිජීරියිවේ ලාගෝස් නගරද සිටින්නේ ලැයිස්තුවේ පහළින්මය.

The ten most liveable cities in 2018
1. Vienna, Austria

2. Melbourne, Australia

3. Osaka, Japan

4. Calgary, Canada

5. Sydney, Australia

6. Vancouver, Canada

7. Tokyo, Japan

8. Toronto, Canada

9. Copenhagen, Denmark

10. Adelaide, Australia

The ten least liveable cities 2018

1. Damascus, Syria

2. Dhaka, Bangladesh

3. Lagos, Nigeria

4. Karachi, Pakistan

5. Port Moresby, Papua New Guinea

6. Harare, Zimbabwe

7. Tripoli, Libya

8. Douala, Cameroon

9. Algiers, Algeria

10. Dakar, Senegal



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි