×

මෙතෙක් නොසැළි සිටි ලොව ඉපැරණිම, ඝනකමින් වැඩිම අයිස්තට්ටුවත් බිඳී යයි.

දේශ ගුණික විපර්යාසයන් හේතුවෙන් ඇති වන උණුසුම් සුළඟ මෙයට හේතුවයි.


ආක්ටික් හි පිහිටි ලොව ඉපැරණිම ඝනකමින් වැඩිම, සහා ශක්තිමක් බවින් වැඩිම අයිස් තට්ටුව පුපුරා ගොස් ඇති බව වාර්ථාවේ.ග්‍රීස්ම කාලයේදීත් දිය නොවි තිබෙන මෙම අයිස් තට්ටුව  ග්‍රීන්ලන්තයේ උතුරු මුහුද වසා පැතිර ඇත.

මෙම අයිස් තට්ටුව පුපුරා යැමක් පිළිබඳව ඉතිහාසයේ වාර්ථා වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මෙම වසරේ දෙවතාවක් මෙසේ පුපුරා ගොස් ඇති මෙම අයිස් තට්ටුව දේශ ගුණික විපර්යාසයන් හේතුවෙන් ඇති වන උණුසුම් සුළඟ මෙදෙසට හමා යෑම මෙයට හේතුවයි.

පෘතුවිගෝලය උණුසුම් විමත් සමග මෙතෙක් නොසැලී සිටි එකම අයිස් තට්ටුව ග්‍රීන්ලන්ත උතුරු වෙරළ  ලෙස හඳුනාගෙන තිබිණි.

නමුත් මේ වන විට මෙම ඝන අයිස් තටුට්වද දිය වෙන්නට පටන් ගෙන ඇත‍.පසුගිය පෙබරවාරියේ ඉහළ ගිය අසාමාන්‍ය උෂ්ණත්වය නිසා ඇති වූ උණුසුම් සුළග මෙයට හේතුවයි.
1970 වසරේ සිට වාර්ථා වූ සැටලයිට් වාර්ථාවන් ට අනුව මින් කිසි දාක මෙවැන්නක් වාර්ථා වි නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි