×

අසුනක් නිසා ටොයොටා ඇ.ඩොලර් මිලියන 242ක වන්දියක් ගෙවයි.

අධිකරණ වාර්තාවට අනුව එම රථයේ ඉදිරි අසුන් වල පැහැදිලි ලෙස පෙනෙන්නට තිබූ අනතුරු දායක බව අදාල ආයතනය විසින් නොසලකා හැර ඇත.


දොස් සහිත ඉදිරි අසුනක් නිසා ටොයොටා ආයතනයට ඇමරිකානු පවුලකට ඩෝලර් මිලියන 242ක වන්දියක් ගෙවන්නට සිදු විය.

ටොයෝටා ආයතනයට විරුද්ධව සිදු කරන ලද පැමිණිල්ල වූයේ 2002 Lexus ES300 කාර් රථයක ඉදිරි අසුන් වල තිබූ නිෂ්පාදන දෝෂය හේතුවෙන් අනතුරක් අවස්ථාවේ අදාල පවුලේ දරුවන් දෙදෙනෙක් අනතුරට පත්වීමයි.

2016 වසරේදී ඔවුන්ගේ දෙමවු පියන් විසින් ටෙක්සාස් අධිකරණයේ මෙම පැමිණිල්ල ගෝනු කර තිබේ.

අධිකරණ වාර්තාවට අනුව එම රථයේ ඉදිරි අසුන් වල පැහැදිලි ලෙස පෙනෙන්නට තිබූ අනතුරු දායක බව අදාල ආයතනය විසින් නොසලකා හැර ඇත.

නමුත් ටොයෝටා ආයතනය පවසන්නේ තමුන් අධිකරණය ගරු කරමින් තීන්දුව පිළිගත්තද අදාල වරද තමන්ගේ නිෂ්පාදන දෝෂයක් නොවන බවයි. සිදු වූ රිය අනතුරේ බරපතල හේතුවෙන් මෙසේ සිදු වන්නට ඇති බව ටොයෝටා ප්‍රකාශක එරික් බූත් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි