×

ට්‍රම්ප්, කිම්ගෙන් පසු පුටින් ව හමු වේ.

ඓතිහාසික සතුරන් වන රටවල් දෙකක් වුවත් මෙම නායකයින් දෙදෙන මීට පෙර දෙවරක් හමුවී ඇති අතර අඩුම තරමේ මේ දෙදෙනා අතර දුරකථන සංවාද 8ක් පමණ සිදු ව ඇත.


උතුරු කොරියානු ජනපතිවරයා කිම් ජෝන් උන්ව හමුවීමෙන් පසු රුසියානු ජනපති වලැඩිමියර් පුටින් හමු වීමට ඇමරිකානු ජනපති වරයා අවස්ථාව ලබා ගෙන ඇත.

මේ සම්බන්ධව රුසියානු ජනපති කාර්යාලය ක්‍රෙමිලීනය ප්‍රකාශ කළේ මෙම ජනපතිවරුන් දෙදෙනා ලබන මස 16 වන දින හෙල්සින්කි හී දී එකිනෙකා හමුව සාකච්ඡා කරනු ඇති බවයි. එහිදී පවතින තත්ත්වය මෙන්ම දෙරට සම්බන්ධතා හා ජාත්‍යන්තර පසුබිම සම්බන්ධව සාකච්ඡා කෙරෙති.

ඇමරිකානු ජනපතිවරයා මෙසේ රුසියානු ජනපති හමුවනු ඇත්තේ ඔහු විසින් ජූලි 11-12 දිනයන්හී පැවැත්වෙන නේටෝ නායක හමුවට සහභාගී වීමෙන් අනතුරුවයි.

ඓතිහාසික සතුරන් වන රටවල් දෙකක් වුවත් මෙම නායකයින් දෙදෙන මීට පෙර දෙවරක් හමුවී ඇති අතර අඩුම තරමේ මේ දෙදෙනා අතර දුරකථන සංවාද 8ක් පමණ සිදු ව ඇත.

රුසියානු ජනපතිවරයා නිහඬ කිරීමේ අරමුණින් සිටින බ්‍රිතාන්‍ය යුක්රේනය ආදී ඇමරිකානු මිත්‍රපාක්ෂිත රටවල් මෙම හමුව සම්බන්ධව පසුවන්නේ දෙගැඩියාවකිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි