ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනපති පුටින් හට ඇමරිකානු සංචාරයක් සඳහා සහභාගී වන්නැයි ආරාධනා කර ඇත.
මේ පිළිබඳව ඇමැරිකානු ජනපතිවරයාගේ මාධ්‍ය ලේකම් වරිය සාරා සැන්ඩර්සන් ප්‍රකාශයක් නිකුත් කළාය.
ඇය පවසන්නේ මේ වන විට ධවල මන්දිරය තුළ මේ පිළිබඳව සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.
පසුගිය සඳුදා ට්‍රම්ප් සහ පුටින් අතර ඵින්ලන්තයේ හෙලිනෙස්කි හී දී සාකච්ඡාවක් පැවති අතර එහිදී සිදු වූ සමහර එකඟතාවන් සම්බන්ධව ඇමරිකානුවන්ගේ මෙන්ම යුරෝපා සංගමයේද විවේචන ට්‍රම්ප් වෙත එල්ල විය.
ට්‍රම්ප් ගේ මෙම ආරාධනය සම්බන්ධව රුසියානු පාර්ශවයෙන් තවමත් කිසිවක් ප්‍රකාශ වී නොමැති අතර පුටින් පවසා තිබුණේ පුටින් හා ප්‍රථම හමුව අතිසාර්ථක බවයි.
පළමු හමුවේදී , පසුගිය ඇමරිකානු මැතිවරණයට මැදිහත්වූ බව චෝදනා එල්ලවූ රුසියානුවන් 12 දෙනා සම්බන්ධයෙන් ඇමරිකානුවන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පුටින්ගේ ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කළ බවද ට්‍රම්ප් ප්‍රකාශයත් නිකුත් කර ඇත.
නමුත් නැවතත් ඔහු විසින් පුටින්ට මෙවැනි ආරාධනයක් කිරීම ගැන ඇමරිකානුවන්ගේ අකමැත්ත පළවෙමින් තිබේ.