දෙවසරක් තිස්සේ පැවති ”හදිසි නීතිය” තුර්කිය අවසන් කරයි.
2016 ජූලි මස 20 වන දින පැවති රජයට එරෙහිව ක්‍රියාත්මක වූ හමුදා ක්‍රමන්ත්‍රණයක් මඟින් තුර්කි වැසියන් 250ක් ඝාතනය වූ අතර 1400ක් දෙනා තුවාල ලැබූහ.
2016 සිට වසර දෙකක කාලයක් තිස්සේ තුර්කිය තුළ පනවා තිබූ හදිසි නීතිය ඉවත් කෙරේ.
ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.
2016 ජූලි මස 20 වන දින පැවති රජයට එරෙහිව ක්‍රියාත්මක වූ හමුදා ක්‍රමන්ත්‍රණයක් මඟින් තුර්කි වැසියන් 250ක් ඝාතනය වූ අතර 1400ක් දෙනා තුවාල ලැබූහ.
එතැන් සිට පැවති රජය සිය පාලන කාලය 7 වතාවක් දිගු කරන ලදී.
මෙම හදිසි නීතිය පැවති වසර දෙකක කාලය තුළ කුමන්ත්‍රණවලට සහාය දුන් දස දහසක පිරිසක් අත්අඩංගුවට ගත් අතර තවත් පිරිසකගේ රැකියා අහිමි විය.
එරට ජනාධිපති රිසෙෆ් තයිෆ් එර්දගොන් නැවත වරක් ජනාධිපති වීමෙන් සතියකට පසු මෙම තීරණය ගෙන තිබෙන අතර මෙය ඔහුගේ මැතිවරණ පොරෝන්දුවක් පැවතියකි.