×

තුර්කි ජනපතිවරණය අද

වසර 15ක කාලයක් මුළුල්ලේ පැවති සියලු මැතිවරණයන්හි ජය හිමි වූ රිසෙප් තයිප් එර්දෝගන් Tayyip Erdogan ට ජනපති තනතුර අහිමි වේද?


තුර්කි රාජ්‍ය සඳහා නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා වන ජනාධිපතිවරණ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.

තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන් Tayyip Erdogan  දෙවන වරටත් ජනාධිපතිධූරයට තේරීපත්වනවාද යන්න මෙම මැතිවරණයේදී තීරණය කෙරෙනු ඇති.

මැතිවරණයේදී ඔහුට අභියෝගයක් වී ඇත්තේ එරට ජනරජ පක්ෂයේ Republican People’s Party මධ්‍ය වාමාංශික අපේක්ෂක මුහරීම් යින්ස් ය.

2016 වසරේ මුහුණ දුන් රාජ්‍ය විරෝධී කැරැල්ලත් සමග මේ වන තෙක්ම තුර්කියේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබුණි.

මැතිවරණය පැවැත්වීම සඳහා නියමිත වසර 2019 වුවද හිටපු ජනපති එර්දෝගන් විසින් එය කලින් පැවැත්වීමට තීරණය කෙරිණි.

ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන පනස් හයයි දශම තුනයි නවයක පිරිසක් සුදුසුකම් ලැබීය. ඔවුන්ගෙන් මිලියන 03කට ආසන්න පිරිසක් විදෙස් රටවල ජීවත්වන තුර්කි වැසියන් වේ.


මෙතෙක් වසර 15ක කාලයක් මුළුල්ලේ පැවති සියලු මැතිවරණයන්හි ජය හිමි වූයේ ජනාධිපති එර්දෝගන් හටයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි