×

යුධ ගැටුම් හේතුවෙන් පසුගිය වසරේ ළමා මරණ 10,000ක්

මෙම වාර්ෂික ළමා යුධ ගැටුම් වාර්ථාවට අනුව මින් පෙර වසර වලට වඩා පසු ගිය වසර තුළ සැළ කිය යුතු ළමා මරණ සහ අපරාධ සංඛ්‍යාවක් සිදුව ඇත.


පසු ගිය වසර තුළ පමණක් ලේකය පුරා ළමා ඝාතන 10000ක් සිදූ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. මෙම ඝාතන සිදු වී ඇත්තේ කිසිවෙකු විසින් මරා දැමීමෙන්, යුද්ධයට හසුවීමෙනි.

2017 වසර තුළ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්ව ක්‍රියා 21000ක් වාර්ථා වී ඇති අතර , ලිංගික අඩන් තේට්ටම් සහ දූෂණය කිරීම්, ළමා සොල්දාදුවන් ලෙස බලහත්කාරයේ සේවයේ යෙදවීම ඒ අතර මූලික වේ.

මෙම වාර්ෂික ළමා යුධ ගැටුම් වාර්ථාවට අනුව මින් පෙර වසර වලට වඩා පසු ගිය වසර තුළ සැළ කිය යුතු ළමා මරණ සහ අපරාධ සංඛ්‍යාවක් සිදුව ඇත.

යේමනයේ අඩුම තරමේ වාර්ෂිකව ළමුන් 1300කට වඩා පිරිසක් මිය යන බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකා එක්සත් ජනපදය සහ ඒකාබද්ධ අනෙකුත් ජාතීන් වෙත ඒ සම්බන්ධව චෝදනා කරයි. සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් විසින් යේමනයේ හුතී ගරිල්ලන්ට එරෙහි ප්‍රහාර වලදී මෙම ළමුන් මිය ගොස් ඇත.

යේමනය හැරුණ විට අනෙකුත් ළමා මරණ සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වාර්ථා වන්නේ ඉරාකය,මියන්මාරය,මධ්‍යම අප්‍රිකාව,කොංගෝව‍ සිරියා ය රටලිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි