×

කොරියානු යුද්ධයේ දී මිය ගිය ඇමරිකානු සෙබළුන්ගේ භෂ්මාවශේ්ෂ පෙරළා මවුබිමට.

1950-1953 වර්ෂයන්හීදී අත්සන් තැබූ සාම ගිවිසුම අවසන් වූ උතුරු කොරියානු යුද්ධයේ 65 වන සංවත්සරය නිමිත්තෙන් මෙම භෂ්මාවශේෂ නැවත භාර දීම සිදු කරන ලදී.


කොරියානු යුද්ධයේදී මිය ගිය ඇමරිකානු සෙබළුන් ගේ භෂ්මාවශේෂ නැවතත් අමරිකාව වෙත ලබා ලබා දෙන්නට උතුරු කොරියාව කටයුතු කර ඇත.

පසුගිය සමයේ උතුරු කොරියාව සහ ඇමරිකාව අතර තර වූ රාජතාන්ත්‍රික සම්බන්ධතා හේතුවෙන් මෙවැනි පියවරක් ගෙන ඇත‍. අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජෝන් උන් අතර ඇතිවූ එකඟතාවලින් එකක් ලෙස මෙම පියවර ගැනීමට උතුරු කොරියාව කටයුතු කළේය.

1950-1953 වර්ෂයන්හීදී අත්සන් තැබූ සාම ගිවිසුම අවසන් වූ උතුරු කොරියානු යුද්ධයේ 65 වන සංවත්සරය නිමිත්තෙන් මෙම භෂ්මාවශේෂ නැවත භාර දීම සිදු කරන ලදී.

මීට වසර 65කට පෙර තමන්ගෙන් වෙන් වුණ සිය පවුලේ සාමාජිකයන්ගේ භෂ්මාවශේෂ නැවත අමරිකානු භටයන්ගේ පවුල් වෙත ලබා දීමට මෙන්ම සිය මව් බිමෙහි ඔවුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට අවස්ථාව ලැබී ඇත.

සිය මවුබිම වෙනුවෙන් සටන් කළද මවුබිමේ මිහිදන් වන්නට නොහැකි වුණ ඇමරිකානු සෙබළුන් ගේ භෂ්මාවශේෂ  ම‍ෙසේ වසර ගණනාවකට පසු පෙරළා සිය රටට  ලබා දීම ට උතුරු කොරියාව  කටුයුතු කිරීම ජාත්‍යන්තරය දිනා ගැනීමේ මෙහෙයුමේ තවත් පියවරක් වී ඇත.

කොරියානු යුද්ධයේදී උතුරුකොරියාවේදී මිය ගිය ඇමරිකානු සෙබළුන් සංඛ්‍යාව 5300කට අධික බව අනුමාන කරයි. නමුත් නිෂ්චිතවම ජීවිත අහිමි වූ ඇමරිකානු සෙබළුන් කී දෙනෙක්දැයි ගණන් බැලීම ට අපොහෝසත් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි