×

ඇත්තම යාචකයන් හඳුනාගන්න අලුත් ක්‍රමයක්!

එහිදී සිදු වන්නේ මහමඟ සිටින යාචකයන්ට මුදල් දීමට කැමති අයට සිය ජංගම දුරකථනයෙන් යාචකයාගේ QR code එක ස්කැන් කර ඔහු සැබෑම යාචකයෙක්ද යන්න දැන ගැනීමයි.


මහ මඟ වැටී සිටින යාචකයන්ට මුදල් දීමේදී අප කවුරුත් මුහුණ දෙන ප්‍රශ්නය ඔවුන් සැබෑම යාචකයන්ද යන්නයි. ඔවුන්ට මුදල් දිමට පෙර අප දෙවරක් සිතන්නේ ඒ නිසාමය.

එංගලන්තයේ ඔක්ස්රේඩ් හි Greater Change වැඩ සටහන මඟින් මේ සඳහා අපුරු ක්‍රමයක් යෝජනා කර ඇත.

මෙම උපක්‍රමය යෝජනා කරන්නේ ඇලෙක්ස් මැකෑලියන් විසිනි.

ඔවුන් විසින් යාචනයන් සඳහා QR code එකක් නැතිනම් කේත අංකයක් ලබා දෙයි. මහමග මුදල් සිඟා කන මෙම කේත අංකය සහිත කාඩ් පතක් පැළඳිමට ඔවුන්ට සිදු වේ. එහිදී සිදු වන්නේ මහමඟ සිටින යාචකයන්ට මුදල් දීමට කැමති අයට සිය ජංගම දුරකථනයෙන් යාචකයාගේ QR code එක ස්කැන් කර ඔහු සැබෑම යාචකයෙක්ද යන්න දැන ගැනීමයි.

එපමණක්ද නොව යාචකයාට අයත් QR code එක ස්කැන් කළ විට ඔහු ගැන සම්පූර්ණ  විස්තරයක් දැන ගැනීමටද එහුට හැකිවේ. තමන් උපකාර කළ යුත්තේ කුමන ප්‍රමාණයකින්ද යන්න මුදල් ලබා දෙන්නාට එවිට තීරණය කළ හැකි වේ.

යාචකයා මේ සඳහා අදාල වැඩ සටහනට ලියාපදිංචි විය යුතුය. ඔහුට QR code එකක් ලැබෙන්නේ එවිටයි.

එංගලන්තයේ ජීවත් වන නිවාස අහිමි මංමාවත් වල ජිවත් වන්නන්ට තම නිවාස සිහිනය සැබෑ කර ගන්නටත් තමන්ගේ එදිනෙදා ජිවතය යහපත් කර ගන්නටත් අවස්ථාව උදාකිරීම මෙම ක්‍රමයේ මූලික අරමුණ වී ඇත‍.

එමෙන්ම මෙම යාචකයන්ට සැකයක් නොමැතිව මුදල් ලබා දෙන්නට කැමති අයටද මින් හොඳ අවස්ථාවක් උදා කර ඇත. අන්තරුජාල පහසුකම ඇති ඕනැම දුරකථනයකින් හෝ ඒ සඳහා නිර්මානය කළ ඇප් මෘදුකාංගයක් මේ සඳහා යොදා ගත හැකි වෙයි.

අද වන විට විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සිඟමන් යෙදීම ව්‍යාපාරයක් බවට පත්ව ඇත. එංගලන්තය විසින් හඳුන්වා දෙන්නට උත්සහා ගන්නා මෙම ක්‍රමය බොහෝ විට සැබෑ යාචකයන් හඳුනා ගන්නට උපකාරයක් විය හැක.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි