ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ලෝකයේ මුළු ජනගහනයෙන් හතරෙන් එකක් එනම් බිලියන 1.4 ක ලෝක ජනගහනයක් කිසිදු ව්‍යායාමයක් නොමැතිව සිය ජීවිත ගත කරති.
ව්‍යයාම අවම ජීවිත ගත කිරීම හේතුවෙන් ලෝකයේ වැඩි පිරිසක් මේ වන විට හදවත් රෝග , ටයිප් 2 (දෙවන ගණයේ) දියවැඩියාව, පිළිකා යනාදී රෝග තත්වවලට ක්‍රම ක්‍රමයෙන් මුහුණ දෙමින් සිටිති.
මේ අතරින් ව්‍යයාම අඩු ජනතාවක් ජීවත් වන රටවල් අතරින් වැඩිම ප්‍රමාණයක් සංවර්ධිත රටවල් ය.
ආසියාතික රටවල කාන්තවන්ගේ ව්‍යායාම අඩුකම කෙරෙහි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී තිබේ. එහිදී අනාවරණය වන්නේ දවසෙන් වැඩි කාලයක් වාඩි වී සිටීම හෙවත් අසුන්ගත වී සිටීම මෙයට හේතුව වන බවයි.
ලෝකයේ රටවල් 168ක මිලියන 1.9ක ජනාතාවකගෙන් ලබා ගත් තොරතුරු යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.
https://www.thelancet.com/journals/langlo/article/PIIS2214-109X(18)30357-7/fulltext
මෙම සමීක්ෂණ වාර්තාවට අනුව එංගලන්තය හා ඇමරිකා එක්සත් ජනපදය වැනි ඉහළ ආර්ථිකයක් ඇති රටවල්වල ක්‍රියාශීලී නොවන පුද්ගලයන්ගේ වැඩිවීම 2001 වසරේ සිට මේ දක්වා සියයට 32 සිට 37% දක්වා ඉහළ ගොස් ඇත. නමුත් පහළ ආර්ථිකයක් ඇති රටවල්වල එම තත්ත්වය 16%ක් ලෙස ස්ථාවර මට්ටමක පවතී.
මේ අතර දකුණු ආසියාව සහ මධ්‍යම ආසියාතික රටවල් හි මෙන්ම මැදරෙදිග රටවග් සහ ඉහළ ආර්ථිකයක් ඇති බොහෝ රටවල් කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි ක්‍රියාශීලීත්වයක් පෙන්වයි.
සමීක්ෂකයින් පෙන්වා දෙන පරිදි මෙම තත්වයන්ට හේතු වී ඇත්තේ එම රටවල්වල කාන්තාවන් වෙත දරුවන් පිළිබඳ අමතර කාර්යභාරයක් පැවරී තිබීමයි. කෙසේ නමුත් ඇතැම් සංස්කෘතික රටාවන් විසින් කාන්තාවන්ගේ ව්‍යායාමවලින් පිරිපුන් ජීවන රටාව අධෛර්යමත් කරන බව ද මේ සමගම පෙන්වා දී තිබේ.
ඊට අමතරව පොහොසත් රටවල පෞද්ගලික ප්‍රවාහනයන් පැවතියද හිඳගෙන සිට රැකියාව කිරීමේ අවස්ථා වැඩි වීමද නිසා මෙලෙස ක්‍රියාශීලී බව අඩුවී ඇත.
මෙම තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින රටවල දැකගත හැකිවන්නේ සාපේක්ෂව අඩුවෙනි. එනම්, කාන්තාවන් පොදු ප්‍රවාහන සේවය හෝ පයින් ඇවිද ගෙන යාම සිදු කිරීම නිසා ඔවුන්ගේ ක්‍රියාශීලීත්ව ඉහළ ගොස් ඇත.
මෙම තත්ත්වයන් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සැළසුම් කළ අයුරින් වසර 2025 වන විට අක්‍රියාශීලීභාවය සියයට 10කින් අඩුකිරීමේ ඉලක්කය වෙත යා නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.