×

චීන ජනපති, Winnie-the-Pooh වගේලු – අලුත්ම චිත්‍රපටය චීනය තුළ තහනම්

බොහෝ දෙනෙකුට අනුව මේ මුහුණු දෙකේ සමානත්වයක් ඇත.


චීනය විසින් අලුත්ම විනී ද පූ චිත්‍රපටය ”ක්‍රිස්ටෝපර් රොබින්” රට තුළ තහනම් කරන ලදි.

චීනය මෙසේ මෙම චිත්‍රපටය තහනම් කිරීමට කිසිම හේතුවක් දක්වා නැතත්. ඊට හේතුව ලෙස කථාබහට ලක් වි ඇත්තේ කහපාට වළසා නැත්නම් විනීද පූ හී ප්‍රධාන චරිතය හා එරට ජනපති ෂී ජින්පින්ග් අතර සංසංදනය කිරීම් හේතුවෙනි. බොහෝ දෙනෙකුට අනුව මේ මුහුණු දෙකේ සමානත්වයක් ඇත.

මිට ඉහතදී චිනය විසින් විනීද පූ ගේ ස්ටිකර් සහ පිංතූර රට තුල තහනම් කෙරිණි. මෙම සංසංදනය කිරිම ආරම්භ වුණෙු 2013 වසරේදීය. ඒ ඇමරිකාවේ හිටපු ජනපති බැරැක් එබාමා විසින් තමන් හා චීන ජනපති එකට සිට ගත් ඡායාරූපයක් විනීද පූ ඡායාරුපයක් ඇතුල් කොට ටිවීටර් පණිවිඩයක් නිකුත් කිතුත් කිරීමත් සමගයි.

ඉන් පසු 2014 වසරේදී ද ජපන් අගමැති ෂින්සෝ ඇබේ විසින්ද මෙවැනි ඡායාරූපයක් නිකුත් කර තිබුණි.

මේත් සමග මෙම ඡායාරූප චීනයේ සමාජ මාධ්‍ය තුල  තහනම් කරන ලදී.

මෙවැනි සිදුවීම් ගණනාවක් හේතුවෙන් අද වන විට චීන ජනපතිවරයාට එරෙහිව විවිධ අකාරයෙන් විනීද පූ සමග සංසන්ධනය කර ඡායාරූප පළ විය.

මේ සම්බන්ධව තායිවානය චීනය උපහාසයට ලක්කරන ලදී.

තායිවානයේ විදේශ ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින ප්‍රකාශ කලේ චින ජනපති වරයා ඔහුගේ ඥාති සහෝදර විනී ට බිය වි ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි