×

එතෙක් මෙතෙක් බිහි වූ ලොව විශාලම නිදහස් වෙළඳ ගිවිසුම අද අත්සන් කෙරේ!

ජපානය සහ යුරෝපා සංගමය අතර ආරම්භ කරන්නට යන මෙම ගනුදෙනුව මඟින් ඇමරිකානු ජනපති වරයාගේ හිතුවක්කාර බදු ප්‍රතිපත්ති වලට හොඳ පිළිතුරක් ලැබෙනු ඇත‍.


ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම world’s biggest free trade deal අද අත්සන් කෙරේ ඒ යුරෝපා සංගමය සහ ජපානය අතරයි. මෙම නිදහස් වෙළඳ ගිවිසුම මඟින් අති විශාල විවෘත වෙළද කලාපයක් නිර්මාණය කරන අතර එමඟින් මිලියන 600ක පිරිසක් ආවරණය වනු ඇත.

යුරෝපා සංගමය ජපානය වෙත කිරි නිෂ්පාදිත අපනයනය කරන අතර ජපානය වාහන සහ අනෙකුත් කාර්මික උපකරණ ජපානය විසින් යුරෝපය වෙත අපනයනය කරනු ලබයි.

ජපානය සහ යුරෝපා සංගමය අතර ආරම්භ කරන්නට යන මෙම ගිවිසුම මඟින් ඇමරිකානු ජනපති වරයාගේ ම හිතුවක්කාර බදු ප්‍රතිපත්ති වලට හොඳ පිළිතුරක් ලැබෙනු ඇත‍.

මීට මාස 18කට පෙර ඇමරිකා එක්සත් ජනපදය ජපානය සහ අනෙකත් ආසියානු රටවල් සමඟ මෙවැනි පුළුල් වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා පැවැත්වුවද වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.
ඉන්පසු ඔහු විසින් යුරෝපා සංගමය සහ ජපානය වෙත අනයන බදු පැනවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කලේය.

ලොව විශාලතම තනි වෙළඳ පළ වන යුරෝපා සංගමය රටවල් 28කින් සමන් විත මෙන්ම මිලියන 500ක ජනතාවකගෙන් සමන් විත වෙයි. ඔවුන් වෙනුවෙන් දිය ආර්ථිකය ස්ථාවර කර ගැනීමට යුරෝපා සංගමයට හිමි වූ ඉතා ප්‍රබල අවස්ථාවක් ලෙස මෙම ගිවිසුම හඳුන්වා දිය හැකි වෙයි.

මේ පිළිබඳව යුරෝපා සංගමයේ වෙළඳ කටයුතු පිළිබඳකොමසාරිස් වරිය වන සිසිලියා මල්ම්ස්ට්‍රෝම් Cecilia Malmstrom පවසන්නේ මෙම ගිවිසුම ඇමරිකානු ආරක්ෂණවාදයට එරෙහිව ලෝකයට ශක්තිමත් පණිවිඩයක් ලබා දෙනු ඇති බවයි .

මේ සම්බන්ධව ජපානයේ ආර්ථික ප්‍රකිසංස්කරණ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙජි Toshimitsu Motegi පැවසුවේ ඇමරිකානු ආරක්ෂණ වාදය ලෝකය පීඩාවට ලක්කරමින් තිබියදී මෙම නව ගිවිසුම නිදහස් වෙළදපළ සහ ඔවුන්ගේ නොසැලෙන දේශපාලනය ලෝකය හමුවේ පෙන්වා ඇති බවයි.

ජපන් අගමති ෂින්සුවා ඇබේ මේ ගැන පවසා ඇත්තේ අපිට ඇමරිකාව සමග සම්බන්ධතා තිබෙනවා නමුත් අපි වෙළඳ සම්බන්ධතා පිළිබඳව ගන්නේ යුරෝපා සංගමයේ පැත්තයි යනුවෙනි.

මේ වන විටත් යුරෝපා සමාගම් ජපානය වෙත සිදු කරන අපනයන වටිනාකම ඩොලර් බිලියන 100කි .අද අත්සන් කෙරෙන මෙම ගිවිසුමත් සමග එහි වටිනාකම විශාල වශයෙන් ඉහළ යනු ඇත‍.

යුරෝපා සංගමයේ ප්‍රධානී ඩොනල්ඩ් ටස්ක් Donald Tusk සහ යුරෝපා කොමිසමේ ප්‍රධානි ජීන් ක්ලෝඩ් ජන්කර් ඇතුළු නියෝජිත ප්‍රධානීන් පිරිසක් මෙම ගිවිසුම අත්සන් කිරීම නිමිත්තෙන් ජපානයේ පැවැත්වෙන උත්සවයට සහභාගී වනු ඇත.

මේ පිළිබඳව චීනයේ දී අදහස් පළ කළ ඩොනල්ඩ් ටස්ක් පැවසුවේ යුරෝපය,චීනය මෙන්ම ඇමරිකාව හා රුසියාවටද ගෝලීය වෙළඳ පල ක්‍රමය global trade order විනාශ නොකර එය දියුණු කිරීමේ යුත්කමක් පවතින බවයි.

අනගතයේ ඇතිවන්නට තිබෙන ගැටුම් සහ ව්‍යාකූල තත්ත්වයන් නවතා දමන්නට තවමත් කාලය ඇති බවද ඔහු පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි