×

කොළරා වසංගතයත් යේමනය ගිල ගනී.

ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදය ට මුහුණ දෙමින් සිටින රාජ්‍යය යේමනයයි


යේමනයේ දහස් ගණන් ජනතාව මේ වන විටත් කොළරා වසංගතයට ගොදුරු වෙමින් සිටී.

බ්‍රිතාන්‍යයේ සේව් ද චිල්ඩ්‍රන් ආයතනය පෙන්වා දෙන්නේ මී ළඟ සති දෙකක කාලය ලැව් ගින්නක් මෙන් දරුණු වසංගත තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වනු ඇති බවයි.

මේ වන විටද යේමනයේ 3000ක් කොළරා රෝගීන් වාර්තා වෙයි. එමෙන්ම මෙම තත්ත්ව දරු‍ණු ලෙස බලපානු ඇත්තේ දරුවන්ට බවද මේ නිසා රටේ සෞඛ්‍ය පද්ධතිය මුළුමුනින්ම බිඳ වැටී ඇති බවද වාර්ථා වේ.

වෛද්‍ය වරුන්ට වැටුප් නොගෙවීම , රොහල් වල නිසි ලෙස පහසුකම් නොමැති වීම ආදී  දැනටමත් ඉස්මතු වී ඇති ගැටළු හේතුවෙන් රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීමටද අපොහෝසත් වනු ඇති බව සේව් ද චිල්ඩ්‍රයෙන් ආයතනය පෙන්වා  මිලියන 22.2 ජනතාවක් ද සමග ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදය ට මුහුණ දෙමින් සිටින රාජ්‍යය යේමනයයි.

මන්ද පෝෂණය, කොළරාව , මෙන්ම අනෙකුත් රොග වලට ලොදුරු වීම නිසා දහසකුත් අහිංසක ජනතාව ජීවිත වලින් වන්දි ගෙවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි