×

ඉතාලියේ අන්ත දක්ෂිණාංශික ඇමති, සරණාගතයන්ට දොර වසයි. ‘‘අපි විතරක් ඇයි?“ කියා ද අසයි.

ඉතාලියේ නව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, ලිබියානු වෙරළ තීරයෙන් ඉතාලිය බලා පැමිණි, සංක්‍රමණිකයන් 629 දෙනෙක් සහිත බෝට්ටුවකට ඉතාලි වෙරළට ගොඩබෑමේ අවසරය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.


 

මෙම අමාත්‍යවරයා වන මැටියෝ සැල්විනිඅන්ත දක්ෂිණාංශික ලීගයේ නායකයා ය. පසුගියදා පැවති මහ මැතිවරණයේදී ඔවුන් සිය ඡන්ද දායකයන්ට ලබාදී තිබූ එක් ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් වුයේ, සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ය.

ජර්මනියට අයත් SOS Méditerranée පුණ්‍ය ආයතනය ලිබියානු ජල තීරයේදී සංක්‍රමණිකයන්ගේ වගකීම භාරගෙන ඇතැයි ඔහු කියා ඇත්තේ මේ සඳහා නිදහසට කරුණු දක්වමිනි. කෙසේ නමුත් එය එසේ වන්නේ නම් සංක්‍රමණිකයන් අයත් වන්නේ ඉතාලියේ අධිකරණ බලයට ය.

උතුරු අප්‍රිකාවේ සිට යුරෝපය බලා පැමිණෙන සංක්‍රමණිකයන්ගේ ප්‍රධානතම යුරෝපා දොරටුව වන්නේ ඉතාලියයි.

මැටියෝ සැල්විනි මෙසේ ද කියා ඇත.

‘‘ඉතාලිය මිනිස් ජාවාරමට තිත තබනවා. නීති විරෝධී සංක්‍රමණිකයන් ජාවාරමට තිත තබනවා.‘‘

‘‘මෝල්ටාව කිසිම කෙනෙක් භාරගන්නේ නැහැ. ප්‍රංශය සංක්‍රමණිකයන්ව දේශසීමාව පැත්තට තල්ලු කරනවා. ස්පාඤ්ඤය සිය දේශසීමාවන් ආයුධ බලයෙන් රකිනවා.‘‘

‘‘සංක්‍රමණිකයන් භාරගන්නා ලෙසට කරන හැම ඉල්ලීමකටම මෝල්ටාව බැහැ කියන්නේ කොහොමද? දෙවියන් වහන්සේ මෝල්ටාව මවා තිබෙන්නේ සිසිලියට වඩා අප්‍රිකාවට කිට්ටුවෙන්!“

“It is not possible for Malta to say ‘no’ to every request for help. The Good Lord put Malta closer than Sicily to Africa.”

මෝල්ටාව AFP පුවත්සේවය සමග පවසා ඇත්තේ, සාගරයේදී අනතුරට ලක්වන සරණාගතයන් බේරාගැනීමේ මෙහෙයුම්වලදී මෝල්ටාවට ඉතාලිය සමග තරගයක් නොමැති බවයි. එනම්, මේ කාරණය සම්බන්ධයෙන් මෝල්ටාව තරගකාරී අධිකාරියක් නොවන බවයි. Seefuchs නමැති ගළවාගැනීමේ නෞකාවේ සරණාගතයන් 126 දෙනෙක් අනතුරට ලක් ව සිටි අවස්ථාවේදී ද මෝල්ටාව එම ගළවා ගැනීමේ මෙහෙයුමට එක් වූයේ නැත.

පසුගිය සතියේ මැටියෝ කියා තිබුණේ ඉතාලි ආණ්ඩුව, එනම් රෝමය විසින් සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ගැන විශේෂයෙන් සලකා බැලිය යුතු බවයි. යුරෝපා සංගමයේ දේශපාලන රැකවරණය පතන්නන් සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්ති සමාලෝචනය කළ යුතු බව ද ඉතාලිය පවසා ඇත.

පසුගිය ඉතාලි ආණ්ඩුව ලිබියාව සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව පසුගිය ගිම්හානයේ පටන් ඉතාලිය බලා පැමිණෙන ලිබියානු සරණාගතයන් සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් සිදු ව තිබේ. නමුත් නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වසරේ මේ දක්වා ලිබියානු සරණාගතයන් 13500 දෙනෙක් ඉතාලිය බලා පැමිණ ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි