×

රසායන විද්‍යා නොබෙල් ත්‍යාගයත් තිදෙනෙකුට

රසායන විද්‍යාව සඳහා පිරිනැමෙන මේ වසරේ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකුට ප්‍රදානය කෙරේ.


රසායන විද්‍යාව සඳහා ප්‍රදානය කෙරෙන නොබෙල් ත්‍යාගය පිරිනමා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජන්දපයේ ෆ්රැන්සෙස් එච්. අර්නෝල්ඩ්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් පී. ස්මිත් සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් ග්‍රෙගරි පී. වින්ටර් යන විද්වතුන් තිදෙනාටයි.

නොබෙල් සාම ත්‍යාගය සඳහා පිරිනැමෙන පවුම් 770,000කට අසන්න මුදලෙන් අඩක්ම හිමි වන්නේ කැලිෆෝර්නියා තාක්ෂණ ආයතනයේ ෆ්රන්සෙස් එච්. අර්නෝල්ඩ් විද්‍යාඥවරියටයි. ඇගේ අධ්‍යනයට පදනම් වී තිබෙන්නේ එන්සයිමවල පරිණාමයයි. එනම් රසායනික ප්‍රතික්‍රියාවන් වේගවත් කරන ප්‍රෝටීන සම්බන්ධයෙනි. ජාන විකෘතීන් සහ එන්සයිම සම්බන්ධ කරගෙනත් ඈ සිය අධ්‍යනය තවදුරටත් සිදු කර ඇත.

President Barack Obama awards the National Medal of Technology and Innovation to Frances H. Arnold in a ceremony at the White House on February 1, 2013 in Washington, DC.  (Photo by Brendan Hoffman/Getty Images)

නොබෙල් ත්‍යාගයේ ඉතිරි අඩ බෙදෙන්නේ ජෝර්ජ් පී. ස්මිත් සහ ශ්‍රීමත් ග්‍රෙගරි පී. වින්ටර් යන විද්‍යාඥයන් දෙදෙනා අතරයි. ජෝර්ජ් පී. ස්මිත්, ඇමෙරිකාවේ මිසෝරි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහුගේ අධ්‍යනයට පාදක වී තිබෙන්නේ පෙප්ටයිඩවල භක්ෂක විදහාපෑම සහ ප්‍රතිදේහයි.

ග්‍රෙගරි පී. වින්ටර්, බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහු සිය අධ්‍යනය සිදු කර තිබෙන්නේත් නව ප්‍රතිදේහ සම්බන්ධයෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි