×

න්‍යෂ්ටික අවි ගැන උතුරු කොරියවේ තද නීති – න්‍යෂ්ටික අවිහරණය ගැන කතා කරන්නත් තහනම් !

නිළ පුවත් සේවය වන KCNA වෙත ජනාධිපති කිම් ජොං උන් පවසා තිබෙන්නේ


දැඩි නීති ක්‍රියාත්මක ඒකාධිපති පාලනයක් සහිත රටක් වන උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි බලය සම්බන්ධයෙන් ඉතා තදබල නීති පද්ධතියක් සම්මත කරගෙන තිබෙනවා.

මෙම නීතිවලට අනුව රටේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් රටකට එරෙහිව න්‍යෂ්ටික අවි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ජනාධිපති කිම් ජොං උන් වෙත ලබා දී ඇති අතර එම තීරණය කිසිදු හේතුවක් මත ආපහසු හැරවීමේ හැකියාවක් නොමැත.

මීට අමතරව න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් රටතුළ සාකච්ඡා කිරීම හෝ අදහස් ප්‍රකාශ කිරීම උතුරු කොරියානු වැසියන්ට තහනම් වේ.

එරට නිළ පුවත් සේවය වන KCNA වෙත ජනාධිපති කිම් ජොං උන් පවසා තිබෙන්නේ තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බව සියලු රටවල් තේරුම් ගතයුතු බවයි.

න්‍යෂ්ටික බලය භාවිතා කිරීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් ලොව බොහෝ රටවල් උතුරු කොරියාවට දැඩි සම්බාධක පමුණුවා ඇති අතර එම සම්බාධක මධ්‍යයේ වුවද උතුරු කොරියාව පසුගිය 2006-2017 කාලසීමාව තුළදී න්‍යෂ්ටික අත්හදා බැලීම් 06 ක් සිදුකර තිබේ.

න්‍යෂ්ටික අවිහරණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග උතුරු කොරියානු නායකයා මුහුණට මුහුණ සාකච්ඡා සඳහා පැමිණි නමුත් සාකච්ඡා දෙකකට පසුව එම උත්සාහය අඩාල විය. ඉන් අනතුරුවද න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කිරීමට උතුරු කොරියානු පාලනය පියවර ගෙන තිබිණි.

UN_LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි