×

උතුරු කොරියාව අලුත් මිසයිල හදනවා! – ඇමරිකාවෙන් චෝදනාවක්

උතුරු කොරියාව නව බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමේ නියැළී සිටින බවට ඇමරිකාව චෝදනා කරයි.


බුද්ධි අංශ වාර්තා මත ඉදිරිපත් ව සිදුකරනු ලබන මෙම චෝදනාව බරපතළ එකක් වන්නේ, නොබෝදා සිංගප්පූරුවේ පැවති සමුළුවේදී උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හරින බවට ප්‍රතිඥා දී සිටින නිසා ය.

ඇමරිකානු බලධාරීන් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ප්‍රකාශ කර තිබෙන්නේ ඔත්තු සේවා චන්ද්‍රිකා විසින් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) නිෂ්පාදන කරන න්‍යෂ්ටික වැඩබිමක් නිරීක්ෂණය කළ බවයි. මේ අතර, එම න්‍යෂ්ටික වැඩබිම තුළට සහ එයින් පිටතට වාහන ගමන්කරන ආකාරය නිරීක්ෂණය වන බව රොයිටර්ස් පුවත්සේවය ද ප්‍රකාශ කරයි.

සැම්ඩුවන්ග් ෆැසිලිටි නමැති මෙම න්‍යෂ්ටික වැඩබිම පිහිටා තිබෙන්නේ උතුරු කොරියාවේ පයොන්ග් ගියැන්ග් අගනුවරට නුදුරිනි.

මෙම නව අත්හදා බැලීම සඳහා ඔවුන් සූදානම් කරන්නේ දියරමය න්‍යෂ්ටික ඉන්ධන පිරවූ අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල බවට ද වාර්තා තිබේ.

උතුරු කොරියාව මීට පෙර ද ICBM මිසයිල නිපදවා ඇති අතර, ඇමරිකාව වෙත ළඟාවීමට සමත් පළමු අන්තර්මහද්වීපික මිසයිලය වන හ්වැසොන්ග්-15 (Hwasong-15) නිෂ්පාදනය කර තිබෙන්නේ ද පෙර කී න්‍යෂ්ටික වැඩබිම තුළම ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි