×

රතු තොල් සායම් ගෑවොත් දැඩි දඬුවම්!

රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය නීති පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය


සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මේ වනවිට උතුරු කොරියා නායක කිම් ජොන් උන් විසින් එරට කාන්තාවන්ට රතු තොල් සායම් තහනම් කිරීමට තීරණය කර තිබේ.

රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය නීති පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රතු තොල් අලේපන ආකර්ශණය පෙන්නුම් කිරීමක් බැවින්, එය මෙසේ තහනම් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම නීති උල්ලංඝනය කරන කාන්තාවන්ට දැඩි දඬුවම් ලබාදීමට උතුරු කොරියානු නායකයා තීරණය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි