×

උතුරු කොරියාවෙන් පාප් වහන්සේට ඇරයුම්!

උතුරු කොරියාව අධර්මයෙන් ධර්මයට පියනගමින් සිටින්නේද?


උතුරු කොරියාවට වැඩම කරන්නයැයි අති උත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ආරාධනය කරයි.

උතුරු කොරියා නායකයාගේ ඇරැයුම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වෙත පිළිගන්වන්නේ දකුණු කොරියා ජනාධිපති මූන් ජාඑ ඉන්ය. ඔහු ලබන සතියේදී යුරෝපා සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව ඇත. සංචාරය අතර තුරදී දකුණු කොරියා ජනාධිපතිවරයා වතිකානයට ගොස් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදැකීමට ද නියමිතය.

“… මූන්, පාප් වහන්සේ හමු වූ විට උතුරු කොරියා නායක කිම් ජෝන් උන්ගේ පණිවුඩය පාප්වහනසේට පිළිගන්වනවා ඇත. ෆ්‍රැන්සිස් පාප්වහන්සේ උතුරු කොරියාවේ යොන්ග්යොන්ග් නුවරට වැඩම කරන්නේ නම් මහත් හරසරින් පිළිගන්නා බවත් පණිවුඩයේ සඳහන් ය. …” කියා මූන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශක කිම් ඉවුයි කෙයෝම් මාධ්‍යට පවසා තිබිණ.

උතුරු කොරියාව සහ වතිකානය අතර රාජතාන්ත්‍රික සබඳතා විධිමත් තලයක නැත. කිසිදු පාප්වහන්සේ නමක් උතුරු කොරියවට වැඩම කර නැති බවත් සඳහන් වේ. වත්මන් උතුරු කොරියා නායක කිම් ජෝන් උන්ගේ පියා – කිම් ජොන්ග් ඉල් දෙවන ජුවාන් පාවුල් පාප්වහන්සේට උතුරු කොරියාවට වැඩම කරන්නැයි කියා 2000 වසරේදී ආරාධනය කළේය. එහෙත් දෙවන ජුවාන් පාවුළු පාප්වහන්සේ එහි වැඩම නොකළහ.

GETTY IMAGES

GETTY IMAGES

උතුරු කොරියාව, එරට ජනතාවගේ ආගමික නිදහස දැඩි ලෙස සීමා කරන රාජ්‍යයක් ලෙස ප්‍රකටය. උතුරු කොරියා රජයෙන් ස්ථාපිත දේවස්ථානවලින් බැහැරව ආගමික කටයුතුවල නියැලෙන පිරිස්වලට එරට පාලකයන් දරුණු වධ හිංසනයන් පමුණුවන බව 2014 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වර්තාවක දැක්වේ.

ජැන්ග්චුන්ග් කතෝලික දේවස්ථානය යොන්ග්යොන්ග් නුවර ස්ථාපනය කර පවත්වාගෙන යන්නේ උතුරු කොරියා බලධාරීන්ගේ අනුදැනුම යටතේය. එසේ වුවත් එය වතිකානය සමඟ කිසිදු සම්බන්ධයක් නොපවත්වන දේවස්ථානයකි. කොරියා කතෝලික සංගමය නමින් ආයතනයක් උතුරු කොරියා රජය මඟින් පවත්වාගෙන යනු ලැබේ. එයත් වතිකානය සමඟ කිසිදු සම්බන්ධයක් නැති ආයතනයක් බව සඳහන් වේ.

කෙනත් බේ නමැති කොරියා – ඇමෙරිකා ධර්මදූතයකු උතුරු කොරියාව තුළ ක්‍රිස්තියානි ආගමික කටයුතු ප්‍රචාරය කිරීමෙහි නියැලීම නිසා එරට රජය මඟින් පහළොස් වසරක දඬුවමකට යටත් කෙරිණ. 2013 වසරේදී ඔහු මෙසේ වැරදිකරු කර තිබුණේ රජයට එරෙහිව අපරාධවල නියැලෙන්නේ යැයි කියමිනි. 2014 වසරේදී කෙනත් බේ නිදහස් කෙරිණ. ඔහුට නිදහස ලබා දුන්නේ ඔහුගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවී තිබුණු ගැටළු නිසා බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි