×

NSYNC වසර 10කට පසු ප්‍රථම වතාවට VMAs 2023 හිදී!

සටහන – නිපුනි ලියනගේ Boy Band සංකල්පය රජයන සමාජයක අලුතින් කතාබහට ලක්වන පරණ ආගමනයක් ගැනයි මේ හෙළිදරව්ව.. “NSYNC” නැතහොත් ‘N Sync යනු ක්‍රිස් කිර්ක්පැට්‍රික් විසින් 1995 දී ෆ්ලොරිඩාවේ ඔර්ලන්ඩෝ හි පිහිටුවා ජර්මනියේ දියත් කරන ලද ඇමරිකානු Boy Band කණ්ඩායමකි. මෙම කණ්ඩායම සමන්විත වන්නේ Kirkpatrick, JC Chasez, Justin Timberlake, Lance Bass සහ Joey Fatone යන අයවලුන්ගේ […]


සටහන – නිපුනි ලියනගේ

Boy Band සංකල්පය රජයන සමාජයක අලුතින් කතාබහට ලක්වන පරණ ආගමනයක් ගැනයි මේ හෙළිදරව්ව.. “NSYNC” නැතහොත් ‘N Sync යනු ක්‍රිස් කිර්ක්පැට්‍රික් විසින් 1995 දී ෆ්ලොරිඩාවේ ඔර්ලන්ඩෝ හි පිහිටුවා ජර්මනියේ දියත් කරන ලද ඇමරිකානු Boy Band කණ්ඩායමකි. මෙම කණ්ඩායම සමන්විත වන්නේ Kirkpatrick, JC Chasez, Justin Timberlake, Lance Bass සහ Joey Fatone යන අයවලුන්ගේ සම්මිශ්‍රණයක් ලෙසිනි.

ඔවුන්ගේ මංගල ඇල්බමය 1997 දී යුරෝපීය රටවලට සාර්ථකවයක් ලබා ගත් අතර පසුව “I Want You Back” ගීතය සමඟ එක්සත් ජනපද කැළඹවීමට ද ඔවුන්ට හැකි විය.



ඉකුත් සතිය තුළ පැවති VMA හි දී හොඳම පොප් ගායනා සම්බන්ධයෙන් Justin Timberlake, JC Chasez, Joey Fatone, Lance Bass සහ Chris Kirkpatrick යන “NSYNC” නම් දැරීය. 90 ගණන්වල හද ගැස්ම ඒ සමානව තබාගනිමින් නව සංගීතයට පන්නරයක් ලබා දීමට ඔවුන් ඔවුන්ගේ යලි එක්වීම මෙලෙස සනිටුහන් කරයි.

“NSYNC” Boy Band කණ්ඩායම වසර 20කට පසු එහි පළමු නව සංගීතය “Better Place” සමඟින් ප්‍රේක්ෂකයන් කුල්මත් කරන්නට සැරසෙයි. එය ඉදිරියට එන Trolls Band Together චිත්‍රපටයෙන් ඔබට නැරඹීමට ද ඉඩකඩ ඇත.

නවකයන්ගේ පොප් සංගීතයෙන් හෙම්බත්ව සිටින අයවලුන්ට අලුත් පණක් නංවමින් NSYNC ඔවුන්ගේ මේ අලුත් ගමන ආරම්භ කිරීමත් සමඟ ප්‍රේක්ෂයන් Chasez ගේ සැබෑ නම පිළිබඳව ද අවධානය යොමු කරයි.

පස්දෙනා එකවර VMA හි වේදිකාවට ගොඩවන විට සෙනඟ මහ හඬින් ප්‍රීති ඝෝෂා නැගූ අතර, ඔවුන් දශකයක් තිස්සේ ජනතාව අතරට නොපැමිණීමත් සමඟ මෙම ආගමනය විශේෂ විය.

Taylor Swift විශේෂයෙන්ම එය දැක කම්පනයට පත් වූ අතර Boy Band කණ්ඩායම නැවත එක්වීම දැකීමෙන් සතුටට පත් විය.

“වසර 20 කට පෙර අපි ‘Bye Bye Bye’ සඳහා හොඳම පොප් වීඩියෝවට හිමි ජයග්‍රහණය දිනා ගන්නා විට අපි මෙහි සිටියෙමු” Chasez පැවසීය. එය ඔවුන්ගේ පළමු VMA ජයග්‍රහණය ද විය.

ඉතින් වසට ගණනකට පසුව ඔවුන්ගේ එකතු වීම අනෙකුත් Boy Band වලට අභියෝගාත්මක වනු ඇතැයි අපි සිතමු



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි