×

වෛරී අදහස් ඇති නායකයින් පිළිකෙව් කරන්න, ඔබාමා ඇමරිකානුවන්ගෙන් ඉල්ලයි

'


ඇමරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා සිය ඇමරිකානු ජනතාව වෙත ඉල්ලීමක කරමින් පවසා සිටින්නේ වෛරී හෝ ජාතිවාදී අදහස් ප්‍රකාශ කරන සියලු දේශපාලකයින් ප්‍රතික්ෂේප කරන ලෙසයි.

ප්‍රතික්ෂේප කළ යුත්තේ කවුරුන්දැයි යන්න නිශ්චිතවම නම් නොකළද ඔහු විසින් මෙම ඉල්ලීම කරනු ලබන්නේ පසුගියදා ඇමරිකානු වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සංක්‍රමණික විරෝදී අදහස් නිකුත් කිරීමෙන් හා ඒ සදහා විවේචන ඉදිරිපත් වීමෙන් පසුවයි. පසුගියදා ටෙක්සාස් හී පුද්ගල වෙඩි තැබීමකින් පුද්ගලයින් 31 දෙනෙකු ඝාතනය වූ පසු ට්‍රම්ප් විසින් සිදු කළ කථාව මීට ආසන්නතම හේතුවය.

ඔබාමා පවසන්නේ
” ඇමරිකානුවන් අනිවාර්යෙන්ම පුද්ගලයන් තුළ ද්වේශය හෝ ජාතිවාදී හැගීම් ඇති කරන අයුරේ වචන පිට කරන සියලුම නායකයින් ප්‍රතික්ෂේප කළ යුතුය. අපි වගේ නොවන අනෙක් අයව පහත් කොට සලකන නායකයින් අප ප්‍රතික්ෂේප කළ යුතුය. අපගේ ජීවිත වලට අනෙක් පුද්ගලයින් බලපෑමක් වනු ඇතැයි කියන නායකයින් අප පිළිකෙව් කළ යුතුය. ඇමරිකාව අයිති එක් වර්ගයක පිරිසකට පමණක් යැයි කියන නායකයින් අප ප්‍රතික්ෂේප කළ යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි