×

ඔක්තෝබර් 22 – දවසේ වැදගත්කම

අද වැනි දවසක ලෝක සිතියමේ..


අද, ඔක්තෝබර් 22 වැනිදා යි.

අද, ගොත ගැසීම පිළිබද දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය (International Stuttering Awareness Day) යි.

අන්තර්ජාතික බලශක්ති දිනය ද අදට යෙදී තිබේ.

 

1721 – සාර් රජ පෙළපතට අයත් ‘මහා පීටර්’ මුළු රුසියාවේ ම ආඥාදායකයා බවට පත් වෙයි. ඔහු විද්‍යාවට ඇලුම් කළ අයෙකු ලෙස ද ප්‍රකට ය.

Hersent Louise Marie Jeanne (1784-1862). Versailles, châteaux de Versailles et de Trianon. MV174.

1797 – ආන්ද්‍රේ-ජැක්ස් ගානරින් ලොක ප්‍රථම පැරෂුටයකින් පැනීම සිදු කරයි. පොළොව මට්ටම සිට මීටර් දහසක උස සිට පැරීසියට ඔහු පැරෂුටයෙන් පැන්නේ ය.

ලෝකයට වේලා කලාප 24 ක්

1884 – වොෂින්ටන් ඩී. සී. හි පවත්වන ලද ජාත්‍යන්තර මධ්‍යහ්න සම්මේලනය ග්‍රිනිච් වේලාව පිළිගෙන, ජාත්‍යන්තර වේලා කලාප විසිහතරක් ඇති කරයි. මෙහි බින්දුවේ සීමාව ග්‍රිනිච් මධ්‍යහ්නය යි.

කාශ්මීර අර්බුදයේ ආරම්භය

Wall Street Journal

1947 – ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීර අර්බුදය හට ගනියි. බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූ වහාම දෙරටම අයිතිවාසිකම් කියන්නට පටන් ගත් මෙම භූමිය, අදට ද ඉන්දු – පාකිස්ථාන ගැටුමේ කේන්ද්‍රස්ථානයයි.

කියුබානු මිසයිල අර්බුදයේ ආරම්භය

ජෝන් එෆ් කෙනඩි විසින් එය නිවේදනය කළ ආකාරය

1962 – කියුබානු මිසයිල අර්බුදය: එක්සත් ජනපදයේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි කියුබාවේ පිහිටුවා ඇති රුසියානු මිසයිල ගැන පවසා කියුබාව සම්බන්ධයෙන් නාවික අවරෝධයක් ඇති කරයි. මේ කියුබානු මිසයිල අර්බුදයේ ආරම්භය යි.

ජෝන් පෝල් සාත්‍රේ නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කරයි

1964 – ප්‍රංශ ජාතික දාර්ශනිකයකු සහ කතුවරයකු වන ජෝන් පෝල් සාත්‍ර සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කරයි. එය පිළිගැනීම තමන්ගේ ලේඛන සීමාකරණයන්ට යටත් කිරීමක් බවත්, තමන්ට ‘ආයතනගත වීම‘ ට අවශ්‍ය නැති බවත් ඔහු පැවසුවේ නොබෙල් කමිටුවේ පරමාර්ථයන් ද එහි ආරම්භය ද විවේචනය කරමිනි.

කැනඩාවේ ජාතික කොඩියේ මෝස්තරය

1964 – සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවක් විසින් කැනේඩියානු ජාතික කොඩියේ වර්තමාන මෝස්තරය තෝරාගනු ලැබෙයි.

උතුරු අයර්ලන්තය ලිබරල් වෙයි

2019 – උතුරු අයර්ලන්තයේ සමරිසි විවාහ නීතිගත වී, ගබ්සාව අපරාධ වරදක් නොවන බවට ප්‍රකාශයට පත් කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි