×

චීනයේ එක් දිනක් තුළ COVID රෝගීන් සංඛ්‍යාව මිලියන 37 ඉක්මවයි.

ඊයේ(23) දිනයේ ප්‍රකාශයට පත්වූ මෙම වාර්තාවට අනුව ගතවූ දෙසැම්බර් මස පළමු දින විස්ස තුළ රටේ ජනගහනයෙන් සියයට 18 ක් හෙවත් මිලියන 248 ක ජනතාවකට COVID-19 ආසාදනයව ඇත.


ගෙවීගිය සතියේ එක් දිනක් තුළ චීනයේ මිලියන 37 කට ආසන්න ජනතාවකට COVID-19 ආසාදනයව ඇති බව, බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ අභ්‍යන්තර රැස්වීමක් අතරතුර ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඊයේ(23) දිනයේ ප්‍රකාශයට පත්වූ මෙම වාර්තාවට අනුව ගතවූ දෙසැම්බර් මස පළමු දින විස්ස තුළ රටේ ජනගහනයෙන් සියයට 18 ක් හෙවත් මිලියන 248 ක ජනතාවකට COVID-19 ආසාදනයව ඇත.

චීනය විසින් මතභේදාත්මක ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අතැර දැමීමෙන් පසු, වෛරසය ආසාදනය වීම අසාමාන්‍ය ලෙස වැඩිවී ඇත. චීනය ද මහා පරිමාණ පරීක්ෂණ ප්‍රතිපත්ති නතර කර ඇති අතර මාස කිහිපයකට පෙර ලබාගත් එන්නත් වලින් ලබා ගත හැකි ආරක්ෂාව බොහෝ දුරට අහිමි වී ඇත. හසිදියේම රට කොවිඩ් සීමා කිරීම් ඉවත් කිරීම වෙනුවෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය ද සූදානම් නොවී තිබූ අතර, රෝහල් සහ ෆාමසි එයට මුහුණ දීමට අරගල කරමින් සිටියි. චීනයේ සමස්ත එන්නත් අනුපාතය සියයට 90 ඉක්මවා තිබූ නමුත් රජයේ දත්ත වලට අනුව, බූස්ටර එන්නත් ලබා ඇති වැඩිහිටියන්ගේ අනුපාතය 57.9% ක්හා, වයස අවුරුදු 80 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා 42.3% දක්වා සඳහන් වේ.

මේ වන විටත් බීජිං සීමාවන් ඉවත් කිරීමෙන් පසු නව COVID-19 රෝහල් ගතවීම් පිළිබඳ දත්ත මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) ලැබී නොමැති බව සඳහන් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත්කරණය වේගවත් කරන ලෙසත්, උපායමාර්ග ප්ළිබඳ සැලකිලිමත්වන ලෙසත් චීනයෙන් ඉල්ලා ඇත.

COVID-19 සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ චීනයේ සෞඛ්‍ය දත්ත සමාගමක් වන Airfinity ඇස්තමේන්තු කර තිබුණේ රට තුළ COVID-19 වලින් දිනකට මරණ 5,000 කට වඩා වාර්තා වන බවයි. එමෙන්ම දෛනික රෝගීන් වාර්තා වීම මිලියනය ඉක්මවන අතර ඊට සාපේක්ෂව මරණ මිලියන 1.3 සිට මිලියන 2.1 සිදුවනු ඇති බව වාර්තා කෙරේ. කෙසේ නමුත් මෙම වාර්තාව එළිදක්වන ලද දිනයේ චීනයේ නිල කොවිඩ් වාර්තාවීම් 4000කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කර තිබූ අතර එහි කිසිදු මරණයක් සඳහන් නොවීය.

මෙම පරස්පර දත්ත ජාත්‍යන්තර ප්‍රජාව තුළ කනස්සල්ල මතු කර ඇති අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊයේ(23)දිනයේදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සමඟ කරන ලද ඇමතුමකදී චීනය මෙම ගැටලුව සම්බන්ධයෙන් විනිවිද භාවය පවත්වා ගැනීම අතිශ්‍ය වැදගත් බව ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි