×

රැජිනගේ තනිය මකන්න රැගෙන එන Paddington Bear ට තහනමක්!

රැජිනිය සහ Paddington Bear ගේ බැඳීම;


එක්සත් රාජධානියේ ලන්ඩන් පවුරෙහි බිඳ වැටීම ලෙස හැඳින් වූ දෙවන එලිසබෙත් රැජිනියගේ වියෝව මෑතක දී සිදු වීමත් සමඟ එරට ජනතාව පමණක් නොව ලොව වටා ජනයාගේ ශෝකාකූල සමයක් ලෙස ඉකුත් දින කීපයම ගත හැක. මෙහි දී ලෝකයේ නන් දෙසින් ඇයට ශෝකය ප්‍රකාශ කිරීමත් , තම රටේ ජනයා ඇයට ශෝකය පල කිරීම උදෙසා මල් පොකුරු සහ තවත් විවිධ දෑ Buckingham palace හි ඉදිරිපිට තබා යන දසුන් නිතරම වාගේ සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය.

මෙලෙස මල් පොකුරු වලට අමතරව ඔවුන් බහුල ව රැගෙන යනු ලැබුවේ Paddington bear සහ Marmalade Sandwiches ආදී මල් නොවන සමරුවන් ය. නමුත් 13 (ඊයේ) දින සිට මෙම Paddington bear ආදී සමරුවන් රැජිනට උපහාර පිණිස මාළිගය අසලට රැගෙන යෑම තහනම් කිරීමක් සිදු විය.

ලන්ඩනය පුරා පිහිටි රාජකීය ඉඩම් අක්කර 5,000 ක් භාරව සිටින Royal Parks නම් පුණ්‍යායතනය විසින් මෙම ඉල්ලීම සිදු කර ඇත. එහි දී රැජිනට ශෝකය පල කිරීමට එන අමුත්තන්ට ද මල් හැර අන් කිසිවක් රැගෙන නොඑන ලෙසත් ප්‍රකාශ කර තිබිණි.

ඇයි රැජින වෙනුවෙන් Paddington bear ඇතුළු අනෙකුත් සමරු ඵලක ගෙන ඒමට ඉඩ නොදෙන්නේ?!

“ඕනෑම ආකාරයක පුෂ්ප උපහාරයක් පිළිගන්නා බවත් , අපි අමුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ කාබනික හෝ කොම්පෝස්ට් කළ හැකි ද්‍රව්‍ය පමණක් රැගෙන එන ලෙසත් ” යන්න Royal Park විසින් සඳහන් කළ ප්‍රකාශයයි.
එහි දී ඔවුන් එයින් අදහස් කරනු ලැබුවේ රැජිනගේ අවමංගල්‍යය සඳහා දිරාපත් නොවන දෑ රැගෙන නොඑන ලෙස ය. ඔවුන්ගේ වෑයම එසේ සිදු කර පසුව කොම්පෝස්ට් පොහොර සඳහා මල් ආදී දිරාපත් වන ද්‍රව්‍ය යොදා ගැනීමයි.

කවුද මේ Paddington Bear කියන්නෙ?!

1958 වර්ෂයේ ඔක්තෝබර් 13 වන දින මයිකල් බොන්ඩ් විසින් ප්‍රථම වරට මෙම Paddington Bear පිළිබඳ නිර්මාණයක් සිදුකරන ලදී.
මෙයට පදනම ලෙස ඔහු දිනක් (1956) නත්තල් සැදෑවක පැඩින්ග්ටන් ස්ටේශම අසල වූ සාප්පුවකින් ටෙඩි බෙයාර් කෙනෙක් තම බිරිඳ ට තෑග්ගක් ලෙස මිලදී ගත් බවත්, දෙවන ලෝක සංග්‍රාමයේදී යුරෝපයේ සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන යුදෙව් සරණාගත දරුවන් සහ ලන්ඩනයේ ගම්බද ප්‍රදේශවල ළමුන් ද මොවුන් සමඟ දැඩි බැඳීමකින් පසු වූ බවත් සඳහන් වේ.

පළමු පැඩිංටන් බෙයාර් පිරවූ සෙල්ලම් බඩුව 1972 දී ෂර්ලි සහ එඩී ක්ලාක්සන් විසින් පවත්වාගෙන යනු ලබන කුඩා පවුල් ව්‍යාපාරයක් වන ගේබ්‍රියෙල් ඩිසයින්ස් විසින් නිර්මාණය කරන ලදී.

බ්‍රිතාන්‍ය පුරා ජනප්‍රිය ව පවතින මෙම පැඩින්ග්ටන් බෙයාර් සමරු ඵලක / කතා පොත්/ සෙල්ලම් බඩු ලෙස පමණක් නොව ටෙලිවිෂනයේ කතා මාලාවක් ලෙස ද ඔබ හමුවට එයි.

එහි පළමු කතාවෙන් කොටසක් හැඳින්වීමක් වශයෙන් ;

ඈත පේරු රාජ්‍යයේ සිට වලහෙක් නව නිවසක් සොයා එංගලන්තයට පැමිණීමත් , යම් යම් සිදුවීම් සමුදාකට පසුව එහි දී ඔහු බ්‍රවුන්ස් පවුලේ සාමාජිකයෙකු වීමත් සමඟ ඔහු වටා මෙම ටෙලි නිර්මාණය ගෙතී ඇත. එයින් සමාජ ගත කරනුයේ මිනිසුන් ලග නැති ගුණගරුක බව ආදිය ඔහු තුළින් ඉස්මතු කිරීමකි.

රැජිනිය සහ Paddington Bear ගේ බැඳීම;

Paddington Bear නම් සම්භාව්‍ය ළමා පොත් වල සඳහන් චරිතය සමඟ රැජින සහ රාජකීය පවුලට දිගු ඉතිහාසයක් ඇත.

* 1958 දී මයිකල් බොන්ඩ් paddington bear ගේ පොතට මුල පිරීමක් සිදු කළේ ය.

* ඉන්පසුව 1986 දී බොන්ඩ් විසින් Paddington at the Palace නම් පොත ලිවීය. එහිදී Paddington Bear Buckingham Palace වෙත පැමිණෙන අතර එහිදී ඔහු දෙවන එලිසබෙත් රැජින ජනේලයෙන් දුටු බව සඳහන් කරයි.

* ඉන්පසු රැජිනගේ 80 වන උපන්දින සාදයට ඔහු ගිය බවත් පසු කළෙක බ්‍රිතාන්‍යයේ කලාකරුවෙකු වන Eleanor Tomlinson ගේ සිතුවමත් සමඟ ඔවුන් නැවත හමුවූ බවත් මෙම නිර්මාණ තුළින් පෙන්වා දෙයි.

මෙලෙස පැඩින්ග්ටන් බෙයාර් රැජින සමඟ පැවැත්වූ එම මනඃකල්පිත බැඳීම කාටත් නොරහසකි.
එසේම රැජිනියගේ ප්ලැටිනම් ජුබිලිය දා පැඩින්ග්ටන් රැජිනිය සමඟ ඔවුන්ගේ ප්‍රියතම සැන්ඩ්විච් වර්ගය වන Marmalade Sandwiches රස බලන්න සූදානම් වෙමින් තේ සාදයක් පවත්වන ආකාරය ඇනිමේශන් තාක්ෂණය ඔස්සේ පැඩින්ග්ටන් මවමින් රැජිනිය සමඟ ‍යථාර්තයක් කර තිබුණි.

රැජිනගේ අවසන් ගෞරවයන් සඳහා මෙලෙස පැඩින්ග්ටන් බෙයාර් යොදා ගෙන ඇත්තේ ද ඔවුන් අතර පැවති මිත්‍රශීලී බව ජනතාව අතර ප්‍රසිද්ධියක් උසුලමින් තිබූ නිසා ය.

ඇය මෙලොව හැර ගියත් පැඩින්ග්ටන් ඇය සමඟ රැදෙනු ඇත යන මතය එංගලන්ත ජනතාව විශ්වාස කරයි!

Nipuni Liyanage



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි