×

තලේබාන් සංවිධානයේ පියා පූජක මවුලානා සාමි උල් හක් මරා දැමේ

තවමත් ඔහුගේ මරණය සම්බන්ධව වගකීම කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැත.


තලෙයිබාන් සංවිධානයේ පියා ලෙස සැලකෙන පාකිස්තානු පූජක මවුලානා සාමි උල් හක් රවල්පින්ඩි නගරයේදී මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ ඔහා මිය යන තුරු පිහි ඇනුමක් මගින් මරා දමා ඇති බවයි. නමුත් අනෙකුත් මාධ්‍ය වාර්ථා වලට අනුව ඔහු මිය ගෝස් ඇත්තේ වෙඩි තැබෑමක් මගිනි.

මුල්ලාර් ඕමාර් ඇතුළු වැඩි ප්‍රමාණයක් තලේබාන් නායකයන් බිහි කළ උතුරු පාකිස්ථානයේ හකීනා මද්රාසා හී ප්‍රධානියා ලෙස කටයු් කළ ඔහු මරා දමා ඇත්තේ කෙසේදැයි යන්න පිළිබබදව තවමත් නිශ්චිතවම හදුනාගෙන නැත. පුත් පවසන පරිදි පිහි ඇණුම් කිහිපයක් එල්ල කර ඔහුව මෙසේ මරාදමා ඇත.

තවමත් ඔහුගේ මරණය සම්බන්ධව වගකීම කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැත
පසුගියදා ඇෆ්ගනිස්ථානු නිළධාරීන් විසින් පූජකවරයි අමතා සාම සාකච්ඡා සදහා තලේබාන් සංවිධානය මෙහෙයවන ලෙස ඉල්ලා සිටියහ. පාකිස්තාන අගමති ඉමිරාන් කාන් මෙම මරණය සම්බනධව පරීක්ෂණ පවත්වන්නැයි ආරක්ෂක අංශ වෙත අණකරන ලදී. දහස් ගණනක් ඔහුගේ සිසුන් විසින් ඔහුව අනුගමනය කරමින් සිටින අතර ඔවුන්ගෙන් බෙහෝමයක් පාකිස්ථානයේ සහ අෆ්ගනිස්ථානයේ තලේබා්න් සංවිධාන සාමාජිකයෝ වෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි