×

හිටපු ජනාධිපති නවාෂ් ශරිෆ්ට සහයෝගය දක්වන බවට පකිස්ථාන මැතිවරණ කොමිසමට එරෙහිව පැමිණිලි 1,300ක්

ෂරීෆ් දිගු කලක් මහ මැතිවරණයේදී රජවරුන් ලෙස ක්‍රීඩා කළ පාකිස්තානයේ සර්ව බලගතු හමුදාවේ ප්‍රියතම අපේක්ෂකයා බව කියනු ලැබේ.


පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් නැවත බලයට පැමිණීමට මැතිවරණ කොට්ඨාශ මායිම් සංශෝධනය කිරීම වෙනුවෙන් රට පුරා වාර්තාගත විරෝධතා 1,300ක් පමණ ඇතිව ඇති බව වාර්තා වේ.

මෙහිදී මාර්ග සම්බන්ධතා නොමැතිව කිලෝමීටර් 400ක් දුරින් තිබියදී, බලුකිස්තාන් දිස්ත්‍රික්ක වන හර්නායි සහ සිබි එකම මැතිවරණ කොට්ඨාශයක් බවට ඒකාබද්ධ කිරීම හා ජනගහනයේ කැපී පෙනෙන වෙනසක් සිදු නොවූ විට පවා මැතිවරණ කොට්ඨාශ නැවත සකස් කිරීම හා සංගණන පැවැත්වීම, ඡන්දදායකයින් අතර ඉතා ජනප්‍රියව සිටින, නෙරපා හරින ලද අගමැති ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය වන පකිස්තාන ටෙහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) හි සහය සෘජුව යටපත් කිරීම සඳහා මැතිවරණ කොමිසම සිතියම නැවත සකස් කළ බවට විවේචන එල්ල වේ.

පෙත්සම්වලින් 80% කට වැඩි ප්‍රමාණයක් සීමා නිර්ණය කමිටුවේ ඇතැම් පුද්ගලයන්ට, කණ්ඩායම්වලට සහ පක්ෂවලට පක්ෂව කටයුතු කරන බවටත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ.

මේ වන විට පකිස්ථානය භාරකාර රජයක් විසින් මෙහෙයවන අතර එළඹෙන ජනවාරියේ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති මුත් පකිස්ථාන මැතිවරණ කොමිසම පැවැත්වීමට අපේක්ෂිත සංගණනය හේතුවෙන් මැතිවරණය නොවැම්බර් දක්වා ප්‍රමාද වන බවයි විශ්ලේෂකයන් පවසන්නේ,

පන්ජාබ්හි සිංහයා හෙවත් නවාස් ෂරිෆ් පාකිස්තානයේ ව්‍යාපාරිකයෙක් සහ දේශපාලනඥයෙක් වන අතර පකිස්ථානයේ මැතිවරණ කොමිසමට අනුව, නවාස් පකිස්ථානයේ ධනවත්ම මිනිසුන්ගෙන් කෙනෙකි. ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 31 ට සමාන බවට සැලකේ.

ෂරීෆ් දිගු කලක් මහ මැතිවරණයේදී රජවරුන් ලෙස ක්‍රීඩා කළ පාකිස්තානයේ සර්ව බලගතු හමුදාවේ ප්‍රියතම අපේක්ෂකයා බව කියනු ලැබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි