×

30 දෙනෙකුට මරු කැඳ වූ පාකිස්ථානු දුම්රිය අනතුර!

දකුණු පාකිස්ථානයේ දී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කරච්චි නඟරයේ සිට කිලෝමීටර් 275ක් (සැතපුම් 171ක්) පමණ දුරින් නවාබ්ෂා හි සහරා දුම්රිය ස්ථානය අසලදී හසාරා සීඝ්‍රගාමී දුම්රියෙහි මැදිරි කිහිපයක් මෙලෙස පෙරළී යෑමෙන් අනතුර සිදු වී ඇත. තුවාල ලැබූ මගීන් අසල […]


දකුණු පාකිස්ථානයේ දී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කරච්චි නඟරයේ සිට කිලෝමීටර් 275ක් (සැතපුම් 171ක්) පමණ දුරින් නවාබ්ෂා හි සහරා දුම්රිය ස්ථානය අසලදී හසාරා සීඝ්‍රගාමී දුම්රියෙහි මැදිරි කිහිපයක් මෙලෙස පෙරළී යෑමෙන් අනතුර සිදු වී ඇත.

තුවාල ලැබූ මගීන් අසල රෝහල් වෙත ගෙන යෑමට කටයුතු කළ අතර සුන්බුන් අතරින් මිනිසුන් මුදා ගැනීමට සහන කණ්ඩායම් උත්සාහ කරන ලදී.

දුම්රිය සාමාන්‍ය වේගයකින් ධාවනය වූ බව මූලික විමර්ශනවලින් පෙන්නුම් කළ බවත් පීලි පැනීමට හේතුව කුමක්ද යන්න තහවුරු කිරීමට උත්සාහ කරන බවත් දුම්රිය අමාත්‍ය සාද් රෆීක් පවසයි.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි