×

පාකිස්ථානයේ පාසලක පිපුරුමක් – දරුවන් ඇතුළු 7 ක් මරුට

පාකිස්ථානයේ පෙෂාවර් ප්‍රදේශයේ මද්‍රාසා පාසලක සිදුවූ පිපිරීමකින් පාසල් දරුවන් ද ඇතුළු සත් දෙනෙක් මරණයට පත් ව තිබේ.


අද උදෑසන 8.30 ට පමණ ඇති වූ මෙම පිපුරුමෙන් මිය ගිය දරුවන් විවිධ වයස් කාණ්ඩවලට අයත් බව වාර්තා වේ.

පිපිරීම සිදුව තිබෙන්නේ ආගමික පාසලක පන්තියක් පැවැත්වෙන අතරවාරයේ ය.

කිසිදු පාර්ශවයක් තවම ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත.

පෙෂාවර් නගරය ඇෆ්ගන් දේශසීමාව අසල පිහිටා තිබෙන අතර, ගතවූ වසරවලදී තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායමේ දරුණුතම ප්‍රචණ්ඩත්වයන් අත් දුටුවේය.

මෙයට වසර 6කට පෙර පෙෂාවර් හි හමුදා පාසලකට තුවක්කුකරුවන් කඩා වැදී ළමුන් විශාල සංඛ්‍යාවක් සමග 150 දෙනෙක් ඝාතනය කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි