×

HIV නිසා පාකිස්ථානයේ කුඩා දරුවන් රැසකගේ ජීවිත අනතුරේ

පසුගිය මස 607කට වඩා පිරිසක් සහ දරුවන් 75ක් දෙනා HIV වෛරසය ආසාධිත වූවන් ලෙස හදුනා ගැනිනි.



පසුගිය පෙබරවාරියේ දකුණු පාකිස්ථානයේ ඉතා කුඩා නගරයක් වූ රාටෝ දේරෝ හී මෙතෙක් නොදුටු විරූ ගැටළුවක් ඉස්මත් වන බව දැක ගත හැති විය. සිය දරුවන් දෑතේ හෝවාගත් මවු පියවරුන් රෝහල් ඉදිරියේ කදුළු සළමින් සිටියහ. සියල්ලන්ටම කිබුණේ සමාන රෝග ලක්ෂණයන්ය. ඔවුන්ට උණ වැළදී තිබූ අතර ඔවඅනි නොසෙලිවී සිටියහ. සතියක් යන්නටත් මත්තෙන් විශ්වාස කළ නොහැකි මට්ටමට රෝගී වූ දරුවන් වැඩි වැඩියෙන් වාර්ථාවන්නට පටන් ගත්හ.

එකම විදියට රෝගී වූ මෙම දරුවන්නගේ රො ලක්ෂණ සමග සන්සන්දනය කරමින් ඔවුන්ගේ රුධිරය පරීක්ෂා කිරීම සදහා යැවුණේ වෛද්‍ය ඉම්රාන් අම්බානිගේ මූලිකත්වයෙනි.

සිත් අදහා ගත නොහැකි විය රුධිරසාම්පල පරීක්ෂාවෙන් පසු පැමිණි ප්‍රථිපලය වේදනාකාරී ප්‍රථිපලයක් විය. අප්‍රේල් 24 වන දින පරීක්ෂාවට ලක් කළ දරුවන් 15ක් HIV ආසාධිත වී ඇත දරුවන් බවට අනාවරණය කරගෙන ඇත. නමුත් ඒ ඇයිදැයි සියල්ලන්ටම ගැටළුවක් වී තිබිණි.

මෙතෙන් කිසිවකුත් නොදැන සිටි දෙයක් හිටි හැටියේ සියල්ලන්ගේම අවධානය යොමු කලාක් වැනි විය. පසුගිය මස 607කට වඩා පිරිසක් සහ දරුවන් 75ක් දෙනා HIV වෛරසය ආසාධිත වූවන් ලෙස හදුනා ගැනිනි.

මෙය සිත් අදහාගත නොහැකි තත්ත්වයක් වුවත්. මීට ඉහතදීද මීට වඩා වැඩි ප්‍රමාණයකට මෙසේ HIV වෛරසය ආසාධිත වී ඇති බව හදුනා ගැනිනි. පාකිස්ථානයේ සින්ද් පළාතෙහි ලර්කානා හී එකී තත්ත්වය ඇති විය. රාටෝ ඩේරෝ යනු එහි ප්‍රාදේශකයකි. 2016 වසරේදීද එහි සියළු ජනතාව පරීක්ෂාවට ලක් කරන ලදී. Sindh Aids Control Programme (SACP) සංඛ්‍යාලේඛන වලට අනුව.


එහිදීද 1521 දෙනෙක් HIV ආසාධිතයන් ලෙස හදුනා ගනු ලැබීය. මෙම ආසාධිතයින් අතරින් වැඩි පිරිසක් පිරිමීන් සහ ලිංගික සංක්‍රාන්තිකයන්ය. 2016 වසරේ දී මෙම පළාතෙහි ලිංගික සංක්‍රාන්තිකයින් 32ක් HIV වෛරසය ආසාධිතයින් බව හදුනා ගෙන තිබිණි.


හේතුව සොයා බැලීමේදී අනාවරණය වූයේ ලකාර්නා හී සංචාරකයින් සදහා වන තානායම්ය. පාකිස්ථානය තුළ ලිංගික ශ්‍රමිකයින් ලෙස සේවය තහනම් වුවත් මේමෙම ලැගුම්හල් වලදී සිය ව්‍යාපාරය නිදහසේ කර ගෙන යෑමට හැකි පසුබිමක් ගොඩ නැගී තිබිණි. නමුත් පසුගියදා දරුවන් රැසක් HIV වෛරසය ආසාධිත වූ පසු ඊට හේතුවත් එයමදැයි සොයා බැලීමට සියල්ලන්ගේ අවධානය යොමු විය.

මේ පිළිබදව සමීක්ෂණ සහ පර්යේෂණ කටයුතු ප්‍රධානී වෛද්‍ය අසාද් මෙමොන් පවසන්නේ එයත් තවත් හේතූන්ද ඊට බලපා ඇති බවයි. පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබුනේ ලිංගික සංකාන්ක්‍රාන්කයන් සහ ලිංගික ශ්‍රමික කාන්තාවන් මෙම තත්ත්වය මෙතෙරම් පැතිරී යෑමට බලපා ඇති බවයි.

ඊට අමතරව සුදුසුකම් නොලත් පිරිස් පෞද්ගලික වෛද්‍යවරුන් ලෙස සේවය කිරීම, ආදියයි. පාකිස්ථානය තුළ සුදුසුකම් ලත් වෛද්‍යවරුන් සොයා යනවා වෙනුවට බොහෝ පිරිස් උනන්දු වන්නේ අඩු මිලට පෞද්ගලික වෛද්‍ය වරුන් යැයි කියා ගන්නා පිරිස ළගටය.

මෙතෙරම් පිරිසකට HIV වෛරසය ආසාධනය වීම තිබීම මේ වන විටත් ලකර්නා පළාතෙහි ජනතාව මෙන්ම පාලකයින් මුහුණ දෙන දරුණුතම අභියෝගය බවට පත්ව ඇත. මෙහි ජීවත් වන්නන් බහුතරයක් දිළින්දන්ය. HIV වෛරසය ආසාදනය වූවන් එක් අයෙක්ට වඩා ඇතැම් පවුල් වල ජීවත් වේ. ඔවුන් තමන් මුහුණ දී ඇති තත්ත්වයට කෙසේ මුහුණ දෙනු ඇතිදැයි යන්න කිසිවෙකුටක් කිව නොහැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි