×

පකිස්ථාන මහා මැතිවරණය කල්යන ලකුණු

පවතින වත්මන් පරිසරය සම්බන්ධයෙන් විශ්ලේෂකයන් පවසන්නේ, පවතින තත්වය විකාර සහගත බවත්, පක්ෂ වෙනස් වුවද නායකයින් වෙනස් වුවද, ක්‍රමය සහ පිස්සුව එලෙසම පවතීන බවයි.


සටහන : සශිකලා මධුෂාණි, ජනවාරි 12,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එළඹෙන පෙබරවාරි 8වන දින පැවැත්වීමට නියමිත පකිස්ථානයේ 12වන මහමැතිවරණය මේ වනවිට ලෝකය පුරා පුවත් මවමින් තිබේ.

පකිස්ථානයේ ඉදිරි මහ මැතිවරණය ප්‍රමාද කරන ලෙස කණ්ඩායම් කිහිපයක්ම ඉල්ලීම් කර ඇති අතර පසුගිය සිකුරාදා(05) එරට සෙනෙට් සභාව විසින් යෝජනාවක් ඉදිරිපත් කරමින් පෙබරවාරි 8 ඡන්දය කල් දමන ලෙස ආන්ඩුවට බලකර ඇති අතර පකිස්ථානයේ ප්‍රමුඛතම ඉස්ලාමීය දේශපාලනඥයා වන මොලානා ෆසාල් උර් රෙහ්මාන් ද යෝජනාව අනුමත කර තිබේ.

පකිස්ථානයේ ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දූෂණය, රාජ්‍ය රහස් හෙළි කිරීම සහ ඔහුගේ ආධාරකරුවන් විසින් හමුදා පහසුකම්වලට පහරදීම ඇතුළු විවිධ චෝදනාවලට මුහුණ දෙමින් 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කිරීමත්, ඔහුගේ පක්ෂය වන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI)හි නව සභාපති නීතිඥයෙකු වන ගොහාර් අලි ඛාන් හා PTI හි ප්‍රබල නියෝජිතයන් කිහිප දෙනෙකුගේ මැතිවරණ නාමයෝජනා පකිස්ථානයේ මැතිවරණ කොමිසම (ECP) විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් එරට මානව හිමිකම් කොමිසම කනස්සල්ල පළ කර තිබේ.

මිට අමතරව පකිස්ථානයේ දිගු කලිනතම අගමැතිවරයා වශයෙන් සිටි නවාස් ෂරිෆ් නැවත රටට පැමිණීමත් ඔහු නව අපේක්ෂකයෙකු වශයෙන් පකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස් (PMNL) පක්ෂය හරහා මැතිවරණයට ඉදිරිපත් වන්නට යාම සම්බන්ධයෙන්ද බොහෝ විශ්ලේශකයන් විවිධ අදහස් දක්වා තිබේ.

නවාස් ෂරිෆ් 2017 අප්‍රේල් හිදී ඔහුගේ වත්කම් සැඟවීම සම්බන්ධයෙන් නුසුදුස්සකු වූ වූ අතර ඔහු ස්වයංව පිටුවහල් විය. නමුත් මේ වන විට ඔහු පකිස්ථානයේ හමුදාව සමඟ සමීපව සම්බන්ධ වෙමින් පවති දේශපාලන අරාජිකත්වය තුළ නැවත දේශපාලනයට පැමිණීම අපේක්ෂා කෙරේ.

මිලියන 240 ක ජනතාවක් සිටින රට තුළ ප්‍රචණ්ඩත්වය පිළිබඳ බිය කිසිසේත්ම අලුත් දෙයක් නොවන මුත්, පකිස්ථානයේ බලගතු මිලිටරි සංස්ථාපිතය එහි ස්වාධීන ඉතිහාසයේ දශක තුනකට වැඩි කාලයක් සෘජුවම රට පාලනය කර ඇත. සෘජුවම බලයේ නොසිටින විට පවා, දේශපාලන කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වූ බවට හමුදාවට චෝදනා එල්ල වී තිබේ.

පවතින වත්මන් පරිසරය සම්බන්ධයෙන් විශ්ලේෂකයන් පවසන්නේ, පවතින තත්වය විකාර සහගත බවත්, පක්ෂ වෙනස් වුවද නායකයින් වෙනස් වුවද, ක්‍රමය සහ පිස්සුව එලෙසම පවතීන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි