×

‍මෝදි මේ යන්නේ හිට්ලර් ගිය මගයි – ඉම්රාන් ඛාන්

ළගදීම දරුණූ ජනසංහාරයක සළකුණු


කාශ්මීරය සතු ස්වයංපාලන අයිතිය අහෝසි කිරීම ඉන්දියාව නාසි මතවාදය අනුව යෑමත් බව පාකිස්ථානයේ අගමැති ඉම්රාන් කාන් පවසයි. එමෙන්ම ඔහු අන්තර්ජාතික ප්‍රජාව වෙත දක්වා සිටියේ මේ පිළබදව ප්‍රතිචාර නොදක්වා සිටීම හිට්ලර්ව අගය කිරීමක් බවයි.

ඉන්දියාව විසින් පාලනය කරන කාශ්මීරය ලෝකයේ අර්බුදකාරී ප්‍රදේශ වලින් ඉදිරියෙන්ම ඇකි එකකි. මේ වන විට සියළු සන්නිවේදන සම්බන්ධතා මෙන්ම බාහිර සමග සියළු සම්බන්ධතා කාශෟමීර ජනතාවට තහනම් ය. දහස් ගණනක් ඉන්දීය හමුදා භටයන් කාශ්මීරයේ සේවය සදහා යොදවා ඇත.
කාශ්මීරය මෙසේ සන්නිවේදන අවහිරතාව හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් දුරස් කිරීමට උත්සහා දැරීම ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මානව හිමිකම් සංවිධාන විසින් ඉන්දියාවට චෝදනා කර සිටී.

ඉන්දියාවේ ක්‍රියාකලාපය සම්බන්ධව දිගින් දිගටම ට්විටර් පණිවිඩ නිකුත් කරමින් පාකිස්ථාන අගමැති පවසන්නේ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් සිටින කාශ්මීරයේ ජනඝනත්වය වෙනස් කිරීමට හෝ ජන සංහාරයකට ඉන්දියාව අරඅදින බවයි.
එය හිට්ලර් විසින් සිදු කළ මියුනිච් ප්‍රහාරයට එකලාම සමාන බවත් ඒ වෙනුවෙන් කිසිවක් නොකර බලා සිටීම ඊට අනුබල දීමක් බවත් ඔහු පවසා සිටී.

එමෙන්ම ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 370 වගන්තිය අහෝසි කිරීම වර්ගසංහාරයක පෙර නිමිත්තක් බවද ඔහු පවසයි.ඔහු පවසන්නේ හිංදුත්ව මතධාරී ඉන්දීය ජනපතිවරරයා නාසි මතවාදයන් අනුව කටයුතු කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි