×

පැරිසියේ ගෑස් පිපිරීමක් – 3 ක් මරුට

‘‘ගොඩනැගිල්ල සෙළවුණා. ජනෙල් දොරවල් සියල්ල පුපුරා ගියා...‘‘ යැයි ප්‍රංශයේ පැරිස් අගනුවර බේකරියක් තුළ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ අනතුරට මුහුණ දුන් කාන්තාවක් පැවසුවාය.


මෙම බේකරිය පිහිටා තිබෙන්නේ පැරිසියේ ඔරෙපා රඟහල අසල ජනාකීර්ණ වීදියක ය. මෙම ප්‍රදේශය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ස්ථානයකි.

පිපිරීම නිසා අසල තිබූ මෝටර් රථ ඇතුළු දේපළ විශාල ප්‍රමාණයකට අලාභ හානි සිදුව තිබේ.

ගිනි නිවන භටයන් දෙදෙනෙක් සහ ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් අනතුර නිසා මරණයට පත්ව ඇත.

ඇය, සිය සැමියා සමග නිවාඩුව ගත කිරීම සඳහා පැරිසියට පැමිණ සිටි කාන්තාවකි.

තුවාල ලද සංඛ්‍යාව 47 කි. එයින් 10 දෙනෙකුගේ තත්වය බරපතළ බව කියැවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි